රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) ඔස්සේ තවත් රාජ්‍ය ආයතන 20ක තොරතුරු ලබන 2015 වසරේ සිට මහජනතාවට ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) මගින් මේ වනවිට රාජ්‍ය ආයතන 300කට අයත් සේවාවන් 2,000ක් පමණ ලබාදෙමින් සිටින බවත්, ලබන වසරේදී රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) මගින් තොරතුරු ලබාදීමට නියමිත රාජ්‍යය ආයතන පිළිබඳව අදාල මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් නියෝජිතායතනය පවසයි.