යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය සඳහා බලපෑමක් නොවන හෙයින් එය ජනමත විචාරණයක් සඳහා යොමුකළ යුතු නැති බවත්, පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් තුළින් සම්මත කළ හැකි බවත් නීතිපති යුවන්ජන විජයතිලක මහා ඊයේ (06දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.
නීතිපතිවරයා මේ අදහස් පළකර සිටියේ යෝජිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ කරුණු විභාගය ශ්‍රේෂ්ඨාකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
මෙම කරුණු විභාගය අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, විනිසුරු චන්ද්‍රා ඒකනායක සහ විනිසුරු ප්රියසාත් ඩෙප් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ සිදු විය.
යෝජිත සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ ඇතැම් බලතල අගමැතිවරයා ඇතුළු වෙනත් පාර්ශ්වයන්ට විතැන් වුවත්, විධායකයේ ප්‍රධානියා සහ රාජ්‍ය‘යේ ප්‍රධානියා ලෙස තවදුරටත් ජනාධිපතිවරයා කටයුතු කරන බවත්, එම බලතල එලෙසම පවතින බවත් නීතිපතිවරයා අධිකරණයට දැන්වීය.
විධායක බලතල ජනාධිපතිවරයා මතම රැඳී පැවතිය යුතු නැති බවත්, එම බලය රාජ්‍ය‘ අංශ වෙත විතැන් කිරීම ප්රජාතන්ත්රවාදයේ සහ මහජන පරමාධිපත්‍ය‘යේ පිළිබිඹුවක් බවත් නීතිපතිවරයා දන්වා සිටියේය.
ජනතාව විසින් ජනාධිපතිවරයාට පවරා ඇති විධායක බලතල අගමැතිවරයා හෝ වෙනත් පුද්ගලයෙකුට විතැන් කරන්නේ කෙසේදැයි අගවිනිසුරුවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නීතිපතිවරයා දන්වා සිටියේ එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කරගත හැකි බවයි.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්තිවලින් පැවසෙන ජනතා පරමාධිපත්‍යයට කිසිදු හානියක් නොවන බවද විජයතිලක මහතා පැවසීය.
යෝජිත පනත් කෙටුම්පතේ 33 (1) වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ කාර්යභාරය විස්තර කිරීමේදී 'ජනාධිපතිවරයා ජාතික සමගියේ සංකේතය විය යුත්තේ යැයි' දක්වා තිබීම ගැන නීතිපතිවරයාගෙන් විමසා සිටි අගවිනිසුරුවරයා, ජාතික කොඩිය ජාතික සමගියේ සංකේතය වන බැවින් මෙවැනි වගන්තියක යෝග්‍යතාව පිළිබඳවද ප්‍රශ්න කර සිටියේය.
එහිදී නීතිපතිවරයා දන්වා සිටියේ අගවිනිසුරුවරයාගේ යෝජනාව ඉතා ඉහළින් පිළිගන්නා බවයි.ඒ අනුව යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව කරුණු විමසීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දිනයෙන් අවසන් කළ අතර, ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නිර්දේශය කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට දැන්වීමට නියමිතය.