පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (26දා) උදෑසන මල්වතු මහා විහාරයේදි මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීය.
අනතුරුව ජනාධිපතිතුමා උන්වහන්සේ සමග කෙටි පිළිසදරක නිරත වූ අතර උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
එමෙන්ම මල්වතු අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේට ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතක් පිළිගැන්වීය. විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.