19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අත උස්සන පුද්ගලයන් දේශද්‍රෝහීන් බවත්, ඉදිරි මැතිවරණයේදී එම දේශද්‍රෝහීන්ව ඡන්දය ලබා නොදී ප්‍රතික්ෂේප කරන ලෙස තමන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
ගර්භිණී මව්වරුන්ට රුපියල් 20,000 ක පෝෂණ මල්ලක් ලබාදීමේ කොළඹ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන පැවති අද (09දා) දිනයේදී පැමිණ සිටි පිරිස අමතමින් අමාත්‍යවරිය මෙසේ පැවසුවාය.
"මෙරට ජනතාවගෙන් ¼ ක් දුගී දුප්පත්කමෙන් පෙළෙනවා. දින 100 ආණ්ඩුව බිහිවුණේ ප්රජාතන්ත්රවාදය ගිලිහෙමින් නාස්තිය, දූෂණය, අල්ලස අවනීතිය රජකළ යුගය නැති කිරීමටයි.
අපි ඒ වෙනුවෙන් 19 වැනි සංශෝධනය ගේන්නත් වෙනත් අනපනත් සකසන්නත් පොරොන්දු වුණා. එක් පුද්ගලයෙකු වටා බලය ජීවිතාන්තය දක්වා භුක්තිවිඳීමට හැකි අයුරෙන් කටයුතු කරමින් 18 වැනි සංශෝධනයට අත ඔසවපු පුද්ගලයන් 19 වැනි සංශෝධනයට අත උස්සන්නේ නැහැ කියනවානම් ඔවුන් දේශද්‍රෝහීන්. එම දේශද්‍රෝහීන්, ජනතාද්‍රෝහීන් මැතිවරණයේදී ප්‍රතික්ෂේප කරන ලෙස මම ඔබතුමාලාගෙන් ඉල්ලා සිටිනවා" යැයි අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියාය.
.jpg)
.jpg)