19 අහෝසි කළහොත් ජනතාවට තොරතුරු දැනගැනිමේ අයිතිය නැතිවෙනවා
19 වන ව්‍යවස්ථාවේ ඇති ප්‍රධානතම ප්‍රජාතාන්තවාදි ගුණාංගය වන තොරතුරු දැනගැනිමේ අයිතිය ජනතාවට තහවුරු කිරිම වත්මන් රජය විසින් කිරිමට යන ව්‍යවස්ථා වෙනසේදි 19 යෙන් ඉවත් කලහොත් ජනතාවට විශාල අසාධාරණයක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (26) මහනුවරදි පැවැසිය.
මන්ත්‍රිවරයා මෙසේ පැවැසුයේ මහනුවරට පැමිණ මහනායක හිමිවරුන් බැහැ දැකිමෙන් අනතුරුව මාධ්‍ය වේදින් නැගු පැනයන්ට පිළිතුරු දෙමිනි.
එහිදි මන්ත්‍රිවරයා මෙසේ පැවසීය,
පුරවැසියන්ගේ බදු මුදල් රජය විසින් වියදම් කිරිමේදි ඒ බදු මුදල් කෙලෙස වියදම් කළේද යන්න ජනතාවට දැන ගැනිම හා එම මුදල් වියදම් කිරිම ජනතාවට විනිවිද දැකිමේ අයිතියක් ජනතාවට ඇති බවත් රාජ්‍ය වියහියදම් රජයේ ක්‍රියාකාරිත්වය රජයේ වැඩ පිළිවෙලවල් දැනගැනිම සදහා 19 වන ව්‍යවස්ථාවෙන් දුන් ඉඩ කඩ ජනතාවගේ අවාසනාවට 19 විසිකලහොත් 19 න් තොරතුරු දැනගැනිමේ අයිතිය නැවැත්වුවහොත් ප්රජාතන්ත්රවාදි ව්‍යුහයට බරපතල තර්ජනයක් බවද තිස්ස අත්තනායක මහතා එහිදි අවධාරණය කළේය.
පාර්ලිමේන්තු හෝ ජනාධිපතිවරණයක්දි පක්ෂයක් අහවල් දේ කරනවා කියල රාමුවක් විතරයි කියන්නෙ ඇත්තටම ව්‍යවස්ථාවක් වෙනස් කරනව කියල මැතිවරණයකදි කියල එහෙම කරන්න බැ. ව්‍යවස්ථාවක් වෙනස් කරන ආකාරය ව්‍යවස්ථාවෙම සදහන් වෙනව සමහර කාරණා තියෙනවා. මුලු පාර්ලිමේන්තුව එකතු වෙලා කරන කාරනා තවත් දෙයක් තියෙනව පාර්ලිමේන්තුවේ 3/2 ක් එය අනුමත කරන්න ඕන තවත් එකක් තියෙනව ඒ දෙකම සිදුවුනත් බැ ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕන ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ එය අනුමත කරන්න ඕන. මෙය දිගු ක්‍රියාවලියක් ජනතාව නිකන් කතිරයක් සදහන් කරා කියා ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුවකට හිතුවක්කාරි ලෙස බැ. පැහැදිලි ලෙසම මෙම ව්‍යවස්ථාව වෙනස් කරනවානම් පලමුව වෙනස් කරන ව්‍යවස්ථාවේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන.එය ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුලුවන් ජනතාවට අභියෝග කරන්න පුලුවන් ශ්‍රේෂ්ඨාධිකරණ දෙන කාරණා සමග 3/2 අනුමැතිය සමග සමහර විට ජනමත විචාරණයකින් සම්මත කරන්නටද සිදුවන බව තිස්ස අත්තනායක මහතා කිය.

popular news
- 
                            sulakshitha herath Wednesday, 26 August 2020 04:55 PM meyata kawadawath chandayak dinala enna bahe.list eken ma vitharayi.horata athsan gahala eka nadagamak natuwa eka kalayak.dan me natum natanne anunge pakshayak nayata aragena.ayyo mehemath pajatha manthreen. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                