නව ආණ්ඩුව පත්වීමෙන් පසු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර දැමීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යහපාලන ආණ්ඩු සමයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආණ්ඩුව විසින් සම්මත කරගනු ලැබිණි.
එහෙත් පසුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විවිධ මත ප්‍රකාශ කෙරුණු අතර, එහිදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පසුව විවිධ අදහස් දැක්වීය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා දේශපාලන අස්ථාවරභාවයක් ඇති වූ බවත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අනවශ්‍ය ගැටුමක් මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළින් සිදුවන බවටත් පසුගිය කාලයේදී විවිධ පිරිස් ප්‍රකාශ සිදු කළහ.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හිටපු ජනාධිපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ගෙන ආ අතර, ඒ තුළින් ජනාධිපතිවරයෙකුට ජනාධිපති ධුරයේ රැඳී සිටිය හැක්කේ අවස්ථා දෙකකදී පමණක්ය යන සීමාව ඉවත් විය. මීට අමතරව පොලීසිය හා තවත් කොමිෂන් සභාවලට අදාළ වෙනස්කම් ගණනාවක්ද සිදු විය. විධායක ජනාධිපතිවරයෙකුගේ ධුර කාල සීමාව ඉවත් කිරීමට එරෙහිව රට තුළ විවිධ විරෝධතාද ඇතිවිය.
මෙම සංශෝධන දෙක අහෝසි කිරීමෙන් පසු නව ව්‍යවස්ථාවක් සකස් කරන තෙක් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට නියමිත බවද වාර්තා වේ.