19 විතරක් නෙමෙයි මේ සම්පුර්ණ ව්‍යවස්ථාවම අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒම අපේ මුලික අරමුණ බව පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තුව සදහා මාතර දිස්ති‍්‍රකයෙන් තේරිපත්වුන මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
කතානායක පදවියට තමා නම් කිරිම සභාවේ මන්ති‍්‍රවරුන්ගේ තිරණයක් බවත් එයට කිසිලෙසකවත් අකමැත්ත ප්‍රකාශකොට නැති බව ඔහු පැවසීය.
අද (17) මාතරදි මාධ්‍යවෙත අදහස් පලකරමින් හෙතෙම මෙසේ පැවසිය.
එහිදි 19 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව අදහස් පලකල ඒ මහතා ,
‘‘ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කල යුතුයි. එය රට වෙනුවෙන් කලයුතු ඉතා වටිනා වැදගත් වගකිමක්. 19 විතරක් නෙමෙයි මේ සම්පුර්ණ ව්‍යවස්ථාව අහෝසි කරලා නව ව්‍යවස්ථාවක් ගෙන ඒම තමයි අපේ මුලික අරමුණ. නමුත් දැනට කරන්න පුළුවන්කම තියෙන්නේ 19 වැනි ව්‍යවස්ථාව ඉවත් කරලා ඒ අවශ්‍ය වෙනස්කම්ටික බලාත්මක කරන එක විතරයි. ඊට පස්සේ පැහැදිලිවම රටේ සියලූ දෙනා එක්ක සාකච්ජා කරලා රටේ සියලූ දෙනාට අදහස් ප්‍රකාශ කරන්න ඉඩදිලා රටට ගැලපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරිමේ බලාපොරොත්තුව අපිට තියෙනවා.
ඊට පස්සේ අපෙන් අහන දෙයක් තමයි පළාත් සභා මැතිවරණය පවත්වන්නේ මොන ක්‍රමයටද කියලා. අලූත් ක්‍රමයට වඩා ඉක්මනින් මැතිවරණය තියන්න පුලූවන් පැරණි ක්‍රමයට මැතිවරණය තිබ්බොත්. මොකද පළාත් සභා මැතිවරණය අනවශ්‍ය විදියට ප්‍රමාද වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉක්මනින් ඒ මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ සදහා පහසුම ක්‍රමය තමයි පැරණි ක්‍රමය, එසේනම් පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය ඉදිරි මාස 6 ඇතුලත පවත්වන්න බලාපොරොත්තු වෙනවා’’ යැයි අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය.
