ව්‍යවස්ථා සංශෝධන හා මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා ඇතුළත් කර නව පනතක් ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කරන බව වාර්තා වේ.
රජය විසින් ඉදිරිපත් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එකඟ විය හැකි කරුණු නොතිබීම හා මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා එයට ඇතුළත් නොවීම මෙම පනත ගෙන ඒමට හේතු වී තිබේ.
එය දැනටමත් සකස් කරමින් පවතින බවත්, නුදුරේදීම ක්‍රියාවට නැගෙනු ඇති බවත් සන්ධාන ආරංචි මාර්ග පවසයි.