18 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුව එළඹෙන නොවැම්බර් මාසයේදී නේපාලයේදී පැවැත්වීමට මාලදිවයිනේදී පැවති සාර්ක් අමාත්‍ය කමිටුවේ 35 වැනි සැසියේදි යෝජනා ස්ථිර වී තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එසේම ඵළඹෙන මාර්තු මස පළමුවැනිදා සිට වසර තුනක කාලයක් සාර්ක් මහලේකම් වශයෙන් නේපාලයේ හිටපු විදේශ ලේකම් අර්ජුන් බහදුර් තාපා පත්කිරීමටද මෙම අමාත්‍ය කමිටුවේදී අනුමැතිය ලැබී තිබේ.
35 වැනි සාර්ක් අමාත්‍ය මණ්ඩල රැස්වීම මලදිවයිනේදී පැවැති අතර, ඒ සඳහා ශ්‍රි ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන රටවල විදේශ ඇමතිවරු සහභාගී වූහ.