අනිද්දා (17දා) සිට දිවයිනේ නිරත දිග කොටසේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම දිවයින හරහා සුළං වේගයේ සුළු වැඩිවීමක්ද සැප්තැම්බර් මස 17 දා සිට අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අද රාත්‍රියේ - ඌව හා නැගෙනහිර පළාත්වලත්, නුවරඑළිය, රත්නපුර, මුලතිව් හා වව්නියාවට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
හෙට දින- සබරගමුව හා මධ්‍යම පළාත්වලටත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලටත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් මඩකලපුව දිස්ත්‍රික්කයෙත් සවස සවස 2.00 පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.