2019 ජනවාරි මස 5 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තරග කරන සන්ධානය තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව හිටපු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
මේ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මේ වන විට එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට පත්ව ඇති බවත් ජනවාරි 17 දා පාර්ලිමේන්තුවට යන්නේ බහුතර බලයක් සහිතව බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත්, පොදුජන පෙරමුණත් එක්ව මැතිවරණයට යන බවත් ඔහු සඳහන් කළේය. තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු එම පක්ෂය ඉදිරියට ගෙනි යනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
හෙට දවස වන විට සාකච්ඡා අවසන් වන බවත් සන්ධානයක් ලෙස තරග කරන බවත් ඔහු පැවැසීය.