මාර්තු 16 රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් එදින නාම යෝජනා භාර නොගන්නා බවත් තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීම මාර්තු 17 දා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා භාර ගැනීමට කටයුතු කරන බවත් මැතිවණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
කොවිඩ් 19 පැතිරයෑම වැළැක්වීම සඳහා රජය මාර්තු 16දා රජයේ, බැංකු හා පෞද්ගලික අංශයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කළේය.
මාර්තු 17,18 දින දෙකෙහි කාර්යාල වේලාවන් තුළ හා මාර්තු 19 පෙරවරු 8.30 සිට මධ්‍යාහ්න 12.00 දක්වා ඇප මුදල් භාර ගැනීම හා නාමයෝජනා භාර ගැනිම සිදුකරන බවත් මැතිවණ කොමෂන් සභාව සඳහන් කරයි.
මාර්තු 19 දාන නාමයෝජනා හා විරෝධතා පිළිබඳ කටයුතු අවසන්වූ විට 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (01) වගන්තිය යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කරන බවද කොමිෂන් සභාව සඳහන් කරයි.