චීන රජයෙන් උතුරේ අධ්‍යාපනය සංවර්ධනයට සහාය ලබාදෙන බව චීන රජයේ ශ්‍රී ලංකා තානාපති Yixianlianq මහතා පැවසීය. අද(14දා) දින උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හමු වු අවස්ථාවේ හෙතෙම මේබව කීය. ශ්‍රී ලංකාව සහ චීනය අතර පැවැත්වෙන මිත්‍රත්වය ශක්තිමත් කිරීමටත් එම මිත්‍රත්වය ඓතිහාසික මිත්‍රත්වයක් බවත් ඉදිරියටත් පවත්වාගෙන යන බවත් තානාපතිවරයා මෙහිදී පැවසීය. ලංකාව සහ උතුරු පළාත තුල ඉදිරියේදී කෙරෙන සංවර්ධන කටයුතු වලදී චීන රජය විසින් අවශ්‍ය ආධාර උපකාර ලබා දෙන බවද මෙහිදී චීන තානාපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී.