උතුරු නැගෙනහිර අධ්‍යාපන කටයුතු යුද්ධය හේතුවෙන් පිරිහී ගියා සේම දකුණේ දේශපාලන අතගැසීම් හේතුවෙන් අධ්‍යාපනය පිරිහී ගොස් ඇති බවත්, මුළු රටේම අධ්‍යාපනය දියුණු කිරීමේ අරමුණින් වසර දහතුනක අධ්‍යාපනය අනිවාර්යය කිරීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අද (06දා) අරලියගහ මන්දිරයේදී පැවති යාපනය හාර්ට්ලි විද්‍යාලයට බස්රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එමෙන්ම රට තුළ සිංහල දෙමළ භාෂා මෙන්ම ඉංග්‍රීසී භාෂාවේද ප්රවීණත්වයක් ළඟා කර ගැනීමට අධ්‍යාපනය ලබාදිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා කීය.