ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත මේ වන විට පුද්ගලයන් 161773කට ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
පසුගිය 29 දා ආරම්භ කෙරුණු මෙම එන්නත්කරණ වැඩසටහනට අනුව අද දිනයේදි ලබාදී ඇති එන්නත් ගණන 1625කි. එය මේ දක්වා එක් දිනක් තුළ ලබාදුන් අඩුම එන්නත් මාත්‍රා ප්‍රමාණයයි.