16 දෙනා විපක්ෂයට යන බව මැයි 08ට පෙර කථානායකට දන්වනවා
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා විපක්ෂයට එකතු වන බව මැයි 08 වන දිනට පෙර කථානායක කරූ ජයසූරිය මහතාට ලිඛිතව දන්වන බව තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී සිටින නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
ඊයේ (19දා) පාර්ලිමේන්තුව රැස්වූවානම් නියෝජ්‍ය කථානායක තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රියාත්මකවන නමුත් පාර්ලිමේන්තුව රැස්වීම කල් දැමීම නිසා ඊයේ දිනයේදී තනතුරින් ඉවත් වීමේ තීන්දුව ක්‍රියාත්මක නොවූ බවද 'අද' කළ විමසීමකදී පවසා සිටියේය.
එහෙත් මැයි 08 වන දින පාර්ලිමේන්තුව රැස්වන බැවින් එදිනට තනතුරු අහිමි වීම සිදුවිය හැකි බවද සඳහන් කළේය.
08 වන දිනට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වී ජාතික ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න තීරණය කරන බවද හෙතෙම පවසා සිටියේය. ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක් ගතහොත් සියලුම දෙනා විපක්ෂයේ අසුන් ගන්නා බවට කථානායක කරූ ජයසූරිය මහතාට දැන්වීමට හැකියාව තිබෙන බවද කියා සිටියේය.
පාර්ලිමේන්තුව තුළ ආසන 240ක් තිබෙන බැවින් අසුන් ගැනීම පිළිබඳ ප්‍රහ්නයක් නොවන බවත්, මේ වන විටත් ආණ්ඩු පාර්ශ්වය වැඩි වී සිටින පැත්තේ විපක්ෂය නියෝජනය කරන පිරිස්ද අසුන් ගෙන සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


