හිටපු ජනපතිවරාගේ ආරක්ෂාවට සිටි හමුදා සාමාජිකයන් ඉවත් කළත් ඔහුගේ ආරක්ෂාවට ගැටලුවක් නැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.
එසේම ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවනු ලැබුවේ ආරක්ෂක මණ්ඩලය ගත් තීරණයකට අනුව බවද පැවැසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට අනුයුක්ත කළ සෑම සාමාජිකයෙකුම විශේෂ පුහුණුවක් ලත් අය බවද සඳහන් කළේය.