මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම පිළිබඳව බුද්ධි ඒකකයක් පිහිටුවීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අාමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.එක්සත් ජාතීන්ගේ ලෝක මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වෙමින් ඊයේ (20දා) අමාත්‍යවරයා මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පවතින නීති රීති ක්‍රියාත්මක කිරීමේ වගකීම්වලට බැදීසිටින බව හා දේශීය වශයෙන්ද මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම කටයුතු කරන බවත් ඔහු මෙහිදී පැවැසීය. 2020 වන විට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය අවම මට්ටමකට ගෙනඒම රජයේ ප්‍රධාන ඉලක්කය බවද ඔහු මෙහිදී සඳහන් කළේය.