පිටකොටුව පාවෙන වෙළෙඳ සැල් සහිත බේරේ වැවේ කොටසකට අනවසරයෙන් වැසිකිළි නළ සම්බන්ධ කිරීම නිසා අවට ප්‍රදේශයේ පැතිරී යන දුර්ගන්ධයට තාවකාලික සහ ස්ථිර විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවසීය.
ප්‍රථමයෙන්ම අලුහුණු යොදා දුර්ගන්ධය පාලනය කළ බවත්, දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීම සඳහා නිලධාරීන් සමග සාකච්ඡා කරගෙන යන බවත් කී ලේකම්වරයා සාමාන්‍ය පරිදි දෛනික පිරිසුදු කිරීම් සිදුවන බවද සදහන් කළේය.
පිටකොටුව ප්‍රදේශයේ ඇති හෝටල් සහ නිවෙස්වල ඇති වැසිකිළි නළ නීතිවිරෝධී අන්දමින් බේරේවැවට සම්බන්ධ කර ඇති පිරිස් පිළිබඳව සොයා බලන්නැයි අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ට දැන්වූ බවත්, ඉන්පසුව අදාළ පුද්ගලයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් රූපසිංහ මහතා කියා සිටියේය. ඒ ගැන සොයා බලන්නැයි පහත්බිම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට දැන්වූ බවද හෙතම පැවසීය.