වැලිසර නාවික කදවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණ යලි සේවයට වාර්තා කොට ඇති නාවික සෙබලියක් සමග සම්බන්ධතා පැවැත්වු ඇයගේ පවුලේ ඥාතින් ඇතුළු 15 දෙනෙකු අද දින (27) ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සැලසුම් කොට ඇති බැව් හිනිදුම පොලීසිය පවසයි.
මෙකි නාවික සෙබලිය හිනිදුම තලන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.ඇය වැලිසර නාවික කදවුරේ සේවය කරන අතර ඇය නිවාඩු ලබා නිවසට පැමිණ මිට දින 10කට පෙර යලි සේවයට වාර්තාකොට ඇති බැව් පොලීසිය පවසයි.
ඇය නිවසට පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකින් වන අතර එම ත්‍රිරෝද රථ රියදුරු හා ඇයගේ පවුලේ ඥාතින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සැලසුම් කොට ඇති බවද හිනිදුම පොලීසිය පවසයි. මේ වනවිට නාවික සෙබලිය ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද පොලීසිය පවසයි.