15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියේ දෙදෙනෙකුගේ ඇප ප්රතික්ෂේප වෙයි
අන්තර්ජාලය ඔස්සේ පහලොස් හැවිරිදි දැරියක ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෙබ් අඩවියක හිමිකරු සහ එහි මුදල් කලමනාකරුට ඇප ලබාදීම කොළඹ මහේස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කළේය.
මෙය මහජන කැළඹීමකට භාජනය වී ඇති සිද්ධියක් බැවින් සැකකරුවන්ට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් මතුවීමට ඉඩ ඇති බවයි පොලිසිය සදහන් කළේ.
කරුණු සළකා බැලූ මහේස්ත්රාත්වරිය සැකකරුවන් ලබන 29 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
මෙම දැරිය අලෙවි කිරීම සදහා ප්රවාහනය කළ බව කියන ත්රිරෝද රථ රියදුරෙකු හදුනා ගැනීමේ පෙරට්ටුවේදී දැරිය විසින් හදුනාගනු ලැබුවා. ඔහුද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
popular news
-
sg Monday, 19 July 2021 11:56 PM
meyata sambanda siyaluma dena waham helikala yuthu athara ouwnta viruddawa niithiya kriyathmaka vita yuhthuya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

