15 හැවැරිදි දැරිය ලිංගික කටයුතුවලට යොදාගත් මැණික් ව්‍යාපාරිකයෙක් හා නැවක කපිතාන්වරයෙක් අත්අඩංගුවට
වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා ලබාගෙන ලිංගික කටයුතුවලට යොදා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ හා අද දිනයේදී තවත් පුද්ගලයන් 5ක් අත්අඩංගුට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඊයේ හා පෙරේදා අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර මැණික් ව්‍යාපරිකයෙක්, නැවක කපිතාන්වරයෙක් හා ඔහුගේ සහයාකයාද වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ඒ අනුව මෙම සිදුවීමට අදාළව මේ දක්වා පුද්ගලයින් 26ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එසේ අත්අඩංගුවට ගත් අය අතර දියණියගේ මවද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මෙම 26 දෙනාගෙන් පුද්ගලයන් 20ක් ඇයව ලිංගික කටයුතුවලට මිලදී ගත් අය බවත් ඉතිරි 6 දෙනා ඇයව ලිංගික කටයුතුවලට සැපයුම් කළ පුද්ගලයන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
වයිබර් හා වට්ස් ඇප් ගිණුම් පරීක්ෂා කිරීමේදී තවත් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද ඔහු පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

