14 හැවැරිදි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඩබ්ලිව්. සිලුන සකිත් දුල්වින් ශිෂ්‍යා නැනෝ තාක්ෂණය භාවිතයෙන් ස්වයංක්‍රිය ජල කරාමයක් නිෂ්පාදනය කිරීමට සමත්ව සිටී. මෙම නව නිර්මානය අද (19 ) උදේ ඔහු විසින් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ ස්ථාපිත කරන ලදී. ඒ අම්බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ජානක ගුනසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.
පාසල් නිවාඩු කාලයේ කිසිදු අයකුගේ ගුරුහරුකමක් නොමැතිව අන්තර්ජාලයෙන් දැනුම උකහාගෙන කොරෝනා වසංගතය මර්ධනය කිරීමේ අරමුණින් නව නිර්මාණය සිදු කර තිබේ. නිර්මාණය සඳහා තමන්ට රුපියල් තුන්දස්පන්සියයක් පමණ වැයවූ බව සිලුන සකිත් දුල්වින් ශිෂ්‍යා කීවේය .
නව නිර්මාණය කොරෝනා වසංගතය මර්ධනය කිරීමේ අරමුණින් ජනතාව වැඩියෙන් ගැවසෙන බලපිටිය මූලික රෝහලේ හා බලපිටිය ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ස්ථාපිත කරන බව සිලුන සකිත් දුල්වින් ශිෂ්‍යා කීවේය. නිර්මාණය අවශ්‍ය රාජ්‍ය ආයතනයක් වේ නම් ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙන්නේ නම් එය තමා නොමිලයේ සාදාදෙන බවද ඔහු වැඩි දුරටත් කීවේය.
සුසිල් ප්‍රියන්ත