ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සමාරම්භක උත්සවය පැවැත්වෙන හෙට (12දා) කොළඹ දිස්ත්‍රික්කයේත් එහි සමාප්ති උත්සවය පැවැත්වෙන 14 දා මහනුවර දිස්ත්‍රිකයේත් සියලුම සුරාසැල් සතුන් මරණ ස්ථාන රේස් බුකී, සමාජ ශාලා වසා තැබීමටත්, මස්, මාංශ අලෙවි කිරීමටත් තහනම්කර තිබේ.
වෙසක් පුර පසොළොස්වක පොහෝය දිනය වූ ඊයේ (10දා) සහ අද(11) දෙදින පුරාවට දිවයින පුරා සියලුම සුරාසැල් සතුන් මරණ ස්ථාන, රේස් බුකී, සමාජ ශාලා වසා තැබීමටත් මස්, මාංස අලෙවි කිරීම නැවැත්වීමටත් රජය කටයුතු කර තිබේ.
වෙසක් සතිය අනිද්දා (13දා) දක්වා පැවැත්වෙන අතර 'ධම්මචාරි සුඛං සේති' හෙවත් දැහැමි දිවිය සැපත සදයි යන්න මෙවර වෙසක් සතියේ තේමාව වී තිබේ.