බන්ධනාගාර රැඳවියන් සඳහා මේ මස 13 හා 14 යන දෙදින තුළ තම ඥාතීන්ට ආහාර ලබාදීමට අවස්ථාවක් ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සිංහල අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් රැඳවියන්ට තම නිවෙස්වලින් ආහාර ලබාදීමට අවස්ථාව ලබාදෙන බවද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාන් ධනසිංහ මහතා සඳහන් කළේය.