ලබන 13 වන දින යාපනය බස් නැවතුම්පල ඉදිරිපිට කළු කොඩි විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කරන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් මහතා පවසයි. ඒ වත්මන් රජය උතුරේ ජනතාවගේ ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් බවද මන්ත්‍රීවරයා පැවසීය.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, ආරක්ෂක අංශ සතු ජනතාවගේ ඉඩම් නිදහස් නොකිරීම, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා නොදීම, යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් නොපැවැත්වීම ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් විරෝධතාව පැවැත්වීමට නියමිත බව ෂිවාජිලිංගම් මහතා කියා සිටියේය.