දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී දැනට ප්‍රවාහන අමාත්‍යාංශයට අනුයුක්ත කර සිටින නිලධාරීන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන වැටුප් හා දීමනා නවතා දමා ඔවුන් ප්‍රවාහන අමාත්‍යාංශයට බඳවා ගත යුතු බවත්, එසේ නොමැති නම් ඔවුන් නැවත වතාවක් දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්ත කළ යුතු බවත් දුම්රිය සාමූහික සංවිධානය සඳහන් කරයි.
එසේ නොමැතිවුවහොත් එයට විරෝධය පා 12 වැනිදා පැය 24 ක සංකේත වැඩවර්ජනයක් සිදුකරන බවද එම සංවිධානය සඳහන් කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වැටුප් ලබන මෙම පිරිස ප්‍රවාහන අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමත් සමග දුම්රිය දෙපාර්තමේන්තුවට දැඩි බලපෑම් එල්ල කරමින් තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරැ ජානක ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.