පසුගිය ජනපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය කෙරුණු දැන්වීම් සඳහා මුදල් නොගෙවිමේ චෝදනා යටතේ බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසම විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණයේ විභාගය හෙට (20දා) දක්වා කල්තැබිණ.
ඒ පිළිබඳව වන විභාගය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණත් පැමිණිල්ලේ සාක්ෂි විත්තියට නොලැබීම හේතුවෙන් මෙසේ විභාගය කල් තැබීය.
විභාගය සඳහා හිටපු ජනපතිවරයා අද පැමිණ නොසිටියේය.