මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ සිදු කල පි.සි.ආර් පරික්ෂණ 163 කින් 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව (09) දින ලැබුණු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වි ඇති බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
මස්කෙලිය ගාඩ්මොර් වතු යයේ ගල් කන්ද ප්‍රදේශයේ ස්වයං නිරෝධානයට යොමු කර සිටි පවුලේ සමාජිකයන් අතරින් පාසල් සිසුවියකට පමණක් කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇත.
මස්කෙලිය බ්‍රවුන්ලෝ වතු යායේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි දැනට නිරෝධාන මධ්‍යස්ථානයක සිටින පැලියගෙඩ මත්ස්‍ය වෙළදපොලේ අසාදිතයෙකුගේ නිවසේ පැවති දානමය පින්කමකට සහභාගි වු පාසල් සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවයි සෞඛ්‍ය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේ.
එම පාසල් සිසුවිය සහ ඇයගේ මව නිරෝධාන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.