119 පොලිස් ක්ෂණික ඇමතුම් අංකය භාවිත කළ යුත්තේ හදිසි ආපදාවක්, අනතුරක් හෝ අපරාධයක් පිළිබඳව දැනුම් දීමට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දේපළ සම්බන්ධ ගැටලු ආදි පොලිස් ස්ථානයකට ගොස් ලබාදිය හැකි පැමිණිලි සඳහා එම අංකය භාවිත නොකරන ලෙසද මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දුන්නේය.
2020 වර්ෂයේදී 119 අංකයට ඇමතුම් 1232272 ක් ලැබී ඇති බවත් ඒ අනුව දිනකට සාමාන්‍ය වශයෙන් පැමිණිලි 3300ක් පමණ ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
එසේම දිනකට 8000කට ආසන්න පිරිසක් මෙම අංකයට සම්බන්ධවීමට උත්සාහ කරන බවත් ඔහු පැවැසීය.
එසේම 119 අංකය භාවිත කරමින් පොලීසිය නොමග යැවීමට කටයුතු කරන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.