ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.
මේ පිළිබඳව ප්රකාශයක් සිදු කළ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ලේකම් ප්රියලාල් ජයවර්ධන මහතා සඳහන් කළේ නීතිවිරෝධී අයුරින් පත්වීම් 298ක් ලබා දීමට එරෙහිව තම සංගමය රැගෙන ගිය විරෝධතාවක ප්රතිඵලයක් ලෙස කරුණාසේන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.