saravita-anim2

2025 ජුනි මස 27 වන සිකුරාදා

2025 ජුනි මස 27 වන සිකුරාදා

Latest News - timelapse 2275 hours ago

LATEST

අපුර වර්තමානයේ ජීවත් වූ වයස්ගතම පුද්ගලයා ජීවිතක්ෂයට

calendar_today 2024 ජන 23 - 16:10 remove_red_eye - 505  

අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ ජීවත් වූ වයස අවුරුදු 105ක, පියකු ඊයේ (22 දා) ජීවිතක්ෂයට පත් වූවාය.

දැනට භාවිතයට නොගන්නා නියංගොඩ මහ විද්‍යාල පරිශ්‍රය කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භකිරීම සදහා වන මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (22) පැවැත්විය.

Read More

ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩිතැබීමක් හේතුවෙන් අපවත් වී තිබේ. ටී 56 ගිනි අවියක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

Read More

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35000ක දිමනාව ගෙවීම අත්හිටුවීමට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

අපි පැහැදිලිවම ගමට යනවා. සමහර දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති නැතිවෙන කොට හූ කියන එක තමයි කරන්නේ. අපි ගමට ඒන්නැති වෙයි කියලා ඒ් අය බලාප‌ොරොත්තු වෙනවා. අපිට චෝදනා ඒනවා. මොනවා වුණත් අපේ පාක්ෂිකයෝ ඒක්ක ගමට යනවා.

Read More

වෛද්‍යවරුන්ට ලබාදුන් රු. 35000ක දීමනා වැඩිවිම ගෙවිම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව තමන් අධ්‍යාපන අමාත්‍යවරයා වී වසර එකහමාරක් වැනි ඉතා කෙටි කලක් තුළ රුපියල් මිලියන දෙදහසක ලාභයක් උපයන ලාභදායී මට්ටමට වර්ධනය කිරීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

2023 වසර තුළ උඩරට දුම්රිය මාර්ගයේ ගම්පොල සිට බදුල්ල දක්වා වු කොටසේදී පමණක් දුම්රිය පිලී පැනීම් 18 ක් පමණ සිදුව ඇති බවත්, මෙම වසරේ ගෙවී ගිය දින කීපය තුළදී පමණක් තුන්වරක් දුම්රිය පිලී පැනීමට ලක්ව ඇතැයි දුම්රිය මගීහු කියති.

Read More

ජනාධිපතිතුමා මෙම කාළය තුළ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ආර්ථික සමුළුවට , උගන්ඩාවේ කම්පාලා නුවර පැවති 19 වැනි නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවට සහ දකුණු චීනය පිළිබඳ තුන් වැනි රාජ්‍ය නායක සමුළුවට ද සහභාගී වීමෙන් අනතුරුව මෙසේ ආපසු කටුනායක ගු

Read More

කැරට් ටික 2000 ට ගියහම අපිත් බනිනවා, හැබැයි කැරට් කන්න ඕන ජාතියක්ද අපි? අපිට ඊට වඩා කන්න දේවල් කොච්චර තියෙනවාද? කැරට් 2000ට නෙමෙයි 5000ට ගියත් අපිට කමක් නෑ.හැබැයි නගරයේ අයට කැරට් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්

Read More

ඉල්ලා අස්වීමට සූදානම් ඕනෑම ලංවිම සේවකයෙකුගේ ඉල්ලා අස්වීම් භාර ගන්නා ලෙසත් ඔවුන්ගෙන් ලංවිමට අයවිය යුතු සියලුම ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන ලෙසත් තමන් ලංවිම කළමනාකාරිත්වය වෙත උපදෙස් දුන් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

ආයුර්වේද වෛද්‍යවරුන්ට රුපියල් 35,000 ක අමතර දීමනාවක් ලබා දීමට අදාළ කඩිනම් පියවර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිතය.

Read More

මෙරට උද්ධමනය නැවත වරක් ඉහළ යමින් තිබේ. 2023 නොවැම්බර් මාසයේ දී 2.8%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී 4.2%ක් දක්වා වැඩි වී තිබේ.

Read More

මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුව ප්‍රතිපත්ති හා සෞඛ්‍ය මත පදනම් වූ ක්‍රියාවලියක් වෙත යොමුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පිරිසක් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජනජීවිත බිල්ලට ගෙන ජනතාව විදින දුක කදුල වේදනාව ගණන් නොගෙන ජනතාව මුහුණ දෙන තාඩන පීඩන ගණන් නොගෙන රටේ නායකයා ජනතා බදු මුදලින් රට සවාරි යන බවත් රටේ ජනාධිපති වී මාස 17ට සවාරි 18ක් ගොස් ඇති බවත් අයවැයෙන් වෙන් වූ මුදල ප්‍රමාණයවත් නොවූ නිසා තවත් මිලියන 200ක් වෙන් කර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

යුද හමුදා බුද්ධි අංශය විසින් ලබා දෙන ලද තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගෝනගංආර පොලීසිය සමග ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී යාල රක්ෂිතය තුළ අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා කිලෝ 220 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අහුංගල්ල ප්‍රදේශයේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ’’පොඩි නුවන්’’ නමැත්තා මත්කුඩු ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන රුපියල් කෝටි 3 ට ආසන්න වටිනා දේපල සමග ඔහුගේ බිරිඳ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

Read More

රථවාහන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩ මුදල් එවලේම ඔන්ලයින් හරහා ගෙවීමේ අවස්ථාව ලංකාවේ ජනතාව වෙනුවෙන් ලබාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.

Read More

සීදුව අමන්දොළුව ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ ව්‍යාජ ප්‍රතිදේහ විශේෂයක් වූ ’’ ඉමුනොග්ලොබින් ’’ ( Human Immunogoblin) නිෂ්පාදන කළ අයිසෝලෙස් බයෝටෙක් පර්මා ( Islek Biotech Pharma ) ආයතනය විශේෂ විමර්ශන කණ්ඩායක් විසින් 01/22 දින දහවල් 12.00 සිට පස්වරු 05.00 දක්වා පරීක්ෂා කිරීමකට ලක් කිරීම සිදු කෙරුණි.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2023/2024) විභාගයට අදාළව අයදුම්පත්‍ර කැඳවීම හෙට සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2023 වසරේදී කාන්තා විස්සයි20 පිටියේදී දැක්වූ දක්ෂතා අනුව එම වසරට අදාළ විස්සයි20 කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ඖෂධ අධිමත්‍රාවක් ගත් බවට සකසහිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරයකු මියගොස් ඇති බව පොලිසිය කියයි .

Read More

දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙසින් තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්.ශ්‍රිධරන් මහතා ඊයේ (21) දින සවස කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ පිහිටි මහවිරු සුසාන භූමියට පැමිණ යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කොට ආගමික වතාවත්වල නිරත විය.

Read More

පසුගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති්.

Read More

රාම් හින්දු දෙවියන් වෙනුවෙන් ඉන්දියාවේ අයෝධ්‍යාව තුළ ඉදි කළ මතභේදාත්මක කෝවිල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරනු ලැබීය. මෙම කෝවිල ඉදිකරනු ලැබුවේ පල්ලියක් ඉවත් කිරීමෙන් අනතුරුවය.

Read More

මෙලෙස මියගොස් ඇති අයගෙන් කුමාර විධානෙලාගේ හසිත වන්සුක,ඉලුක්කුට්ටිගේ සමීර මධුෂංක සහ භාතිය දුරයලාගේ බුද්ධික රාජපක්ෂ යන තිදෙනා 2018 වර්ශයේ තංගල්ල කුඩාවැල්ලේ මිණීමැරුමකට සම්බන්ධ තිදෙනෙකු බවත්, මෙය එයට පලිගැනීමක් බවත් බෙලිඅත්ත පොලීසිය සැක පල කරයි.සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බෙලිඅත්ත පොලීසිය විසින් සිදුකරනු ලබන බව බෙලිඅත්ත පොලීසිය කියයි.

Read More

තමන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ ’’ සුද්දා ’’ නැමැත්තා බව පවසමින් මත්තේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට දුරකථන ඇමතුමක් දී කප්පම් ඉල්ලූ බව පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි .

Read More

ගෙවල් බිඳ තමන්ගේ දේපළ සොරාගෙන යන්නේ බොහෝ විට තමන්ගේම වරදින් බවත් බොහෝ දෙනා තමන්ගේ දේපළ සොරකම් කරගෙන යාමට නොදැනුවත්වම පහසුකම් සලසන බවත් ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

Read More

අද පෙරවරුවේදී බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් පස් දෙනා අතර අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතාද සිටින බව වාර්තා වෙයි.

Read More

යුද හමුදා සක්‍රීය සේවයේ නිරත වෙමින් කොස්ගොඩ රන්මල්ලි ඝාතනය ඇතුළු ඝාතන රැසක සැලසුම්කරු ලෙස කටයුතු කළ යුද හමුදා විශේෂ බලකායේ ලාන්ස් ක්‍රෝප්‍රල්වරයකු කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.