saravita-anim2

2025 ජුනි මස 27 වන සිකුරාදා

2025 ජුනි මස 27 වන සිකුරාදා

Latest News - timelapse 2253 hours ago

LATEST

76 වැනි නිදහස් දිනයට පෙරහුරු 30 දා ඇරඹෙයි

calendar_today 2024 ජන 28 - 08:20 remove_red_eye - 157  

2024.02.04 දිනට යෙදී ඇති 76 වැනි ජාතික නිදහස් දින උළෙලට අදාළ පෙරහුරු කටයුුතු එළැඹෙන 30 දි සිට ආරමභ කරන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව අදාළ පෙරහුරු කටයුතු පෙබරවාරි මස 03 දා තෙක් පැවැත්වෙනු ඇත. මෙම පෙරහුරු කටයුතු ගාලු මුවදොර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ හා නුවරඑළිය දිස්ික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඇමති සනත් නිශාන්ත මහතා සමග රිය අනතුරින් මිය ගිය ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියා වෙත රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදීමට වැඩ බලන පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ කාන්තා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුව කැඳවා තිබේ. උත්තර ප්‍ර දේශ් ‌වොරියරස් කණ්ඩායම නියෝජනය කළ ලෝරන් බෙල් වෙනුවට මෙසේ චමරි අතපත්තු කැඳවා තිබේ. අතපත්තු ඇයගේ මූලික මිල වන ඉන්දීය රුපියල් ලක්ෂ 30 (ඇමරිකානු ඩොලර් 36,000 පමණ) වටිනායකමට කණ්ඩායම සමගින් ගිවිසුම් ගතව තිබේ

Read More

කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් සඳහා නෞකාවක නරක්වූ මාළු බහාලුම් 98ක් ගොඩබෑමට ශ්‍රී ලංකා රේගුවේ ඉල්ලීමට ආනයන හා අපනයන පාලක බලපත්‍රයක් නිකුත් කරලා - අදාළ සමාගමට ම සැමන් නිෂ්පාදන ආයතනයක් - කෝපා කමිටුවේදී අනාවරණය වෙයි.

Read More

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 6ට අධික මුදලක් වංචාකල කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2024.01.24 දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි ව්‍යාපාරික කාන්තාවක් 01/26 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ලබන පෙබරවාරී 07 වැනිදා පෙ.ව 10.30 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

Read More

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකාය විසින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩපිළිවෙල පිළිබඳව තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු දැනගැනීම සඳහා 1927 නමැති විශේෂ ක්‍ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් විශේෂයෙන් යුරෝපා සංගමයේ රටවල් වෙත අපනයනය කෙරෙන මත්ස්‍ය නිෂ්පාදන සදහා අවශ්‍ය ’’ ස්වස්තතා සහතික ’’ ( Health Certificate ) නිකුත් කිරීම සදහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක කාර්යාලයක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ 01/26 දින පස්වරුවේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් විසින් විවෘත කිරීම සිදු විය .

Read More

අසල්වාසියෙකු විසින් තියුණු ආයුධයකින් එල්ල කරන ලද ප්‍රහාරයකින් වම් අත වෙන්වනසේ කැපි බරපතල තුවාල ලබා රෝහල් ගතව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකු අද උදේ කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය කියයි.

Read More

දුම්රියෙන් ගමන් කරමින් සිටියදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රුසියානු ජාතික කාන්තාවක් අද 26 ඇල්ල ගල්බිංගය අසලදී දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා දෙමෝදර මූලික රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය කියයි.

Read More

කොස්ලන්ද වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බිබිලේවෙල දේවාලයට නුදුරින් 212/7 බෝක්කුව අසලදී ඊයේ (25) රාත්‍රි ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී යාමෙන් කාන්තාවක මියගොස් කුඩා දරුවන් ඇතුලු පස්දෙනෙකු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි.

Read More

කඹුරුපිටියේ හෝටලයක සේවය කරන මිතුරන් පස් දෙනකු ඊයේ (25) දහවල් තංගල්ල, කුඩාවැල්ල මෝදර වැල්ලේ දිය නෑමට ගොස් තිබූ ඇති අතර ,ඉන් තිදෙනකු දිය නෑමට මුහුදට බැස ඇත.මොවුන් දියරැලකට හසුවී ගසාගෙන ගොස් ඇති අතර ගසාගෙන යන පුද්ගලයන් දුටු ප්‍රදේශවාසීන්ට ඉන් එක් අයකු බේරාගැනීමට හැකිව තිබූ බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

යාල වන රක්ෂිතයේ දීර්ඝ කාලිනව පවත්වාගෙන ගිය ගංජා හේනක් යුද හමුදා බුද්ධි අංශය හා බුත්තල විශේෂ කාරය බලකාය සමත්ව තිබේ.

Read More

සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටී නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ ශරීරය ස්පර්ශ කිරිමට සහ මුහුන සිපගැනීමට උත්සාහ කල බව කියන සංචාරක මගපෙන්වන්නෙකු සැකපිට ඊයේ (25) අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරට අදාළව වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස නම්කර තිබේ.

Read More

හෙට දිනයේදී දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වැටුප් සංශෝධන හා වැටුප් විෂමතා ඉවත් කිරීම, විදුහල්පති දීමනාව රුපියල් 6000.00 සිට රුපියල් 15000.00 දක්වා වැඩි කිරීම, රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ලැබෙන සන්නිවේදන ගමන් වියදම් වාහන නිවාස ඇතුළු ප්‍රතිලාභ රැසක් සඳහා සහන හා දුෂ්කර පළාත්වල විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාව ලබාදීම මෙම කමිටු නිර්දේශ අතර වේ.

Read More

බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපය තුළ රටම ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

නමුත් හිස් වු මන්ත්‍රිධුරය වෙනුවෙන් තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් එහිදි තමන්ට ජනතාව ලබා දුන් ජන්දයට කිසිදු ලෙසකින් අසාධාරණයක් නොවිමට කටයුතු කරන බවයි. තමන් පලමුව මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දී තම පක්ෂ නායකයා වන විමල් විරවංශ මහතා සමග එක්වි ඔහු දරණ මතයට අනුව කටයුතු කිරීමට සුදානම් වන බවයි.

Read More

දුරුතු පුන් පොහොය උදාවූ අද (25දා) අලුයම් කාලයේදී දොඩම්ගස්ලන්ද උත්තුංගාරාම පුරාණ විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව මදුරාගොඩ පොලීසිය පවසයි.

Read More

සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සදහා පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ ජගත් ප්‍රියංකර මහතා සුදුසුකම් ලබා තිබේ. ජගත් ප්‍රියංකර මහතා වෘත්තීයෙන් සමෘද්ධි සංවර්ධන කළමණාකරුවෙකි.

Read More

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් පිරිසක් 24 වෙනිදා රාත්‍රියේ පලාගොස් ඈති බව වැලිකන්ද පොලිසිය කියයි.

Read More

ඉකුත් 24 දින අමාත්‍යංශයේ නිලධාරියෙකුගේ දරුවකුගේ කුරුණෑගල තිබ්බ විවහා මංගල්ල උත්සවයකට සහභාගි වෙලා රාත්‍රී 12 ට පමණ ආරච්චි කට්ටුවේ පැවති තවත් හිතවතුගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වෙලා එහි විනාඩි දහයක් පහලොවක් වගේ රැදී ඉදලා කෙළඹ නිල නිවසට එන්න පිටත් වුණා. සොයුරා මත් පැන් පානය කරන්නේ නෑ. කොලඹ තමයි සොයුරාගේ පවුලේ අය ඉන්නේ. ඔය එක අතරතුර තමයි අනතුර සිදු වෙලා තිබුණේ. දේහය රාගම රෝහලෙන් රැගෙන ගිහින් මහජන ගෞරවය සදහා 26 දින දහවල් 12 දක්වා බොරැල්ල ජයරත්න

Read More

තිස්සමහාරාම - කතරගම මාර්ගයේ පුංචි අකුරගොඩ ප්‍ර දේශයේදී බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ 22 හැවැරිදි කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වියළි කාලගුණ තත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම් මේ වන ගිගාවොට් පැය 45ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, වියළි කාලගුණ තත්වය නිසා ජලවිදුලි නිෂ්පාදනය අඩු වෙමින් තිබෙන බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

මගේ ලොකු දුවගේ ගෙදර හොරු කැඩුවා. ඒ ගෙදර තිබුණු කිරි පැකට් වගේ කන බොන දේවල් ටිකක් ගෙනිහිල්ලා තිබුණා. රත්රන් අශ්වයෝ ඒ ගෙදර මොකුත් තිබුණේ නැහැ. මම කටාර් රාජ්‍යයට ගිය වෙලාවේ රාජ්‍ය නායකයෙකුට දින තෑග්ග හම්බවුණා. ඒක මම පොළොන්නරුවේ කෞතුකාගාරයේ තියලා තියෙනවා. මම ඒ කෞතුකාගාරය හැදුවේ කෝටි සීයක් වැය කරලා. කිසිම ජනාධිපතිවරයෙකු මේ රටේ කෞතුකාගාරයක් හදල නැහැ.

Read More

එකතු කරන ලද අගය මත පනවනු ලැබූ බදු අනුපාතය වැට් වැඩි කිරීම නිසා 2023 වර්ෂයේ පළමු මාස 09 තුළ දී එම බද්දෙන් ලැබූ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 505 දක්වා 62.6% කින් ඉහළ ගොස් ඇති බැව් මුදල් අමාත්‍යාංශය විසින් විගණනයට නිකුත් කොට ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන්වේ.

Read More

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇතැයි රාගම රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.