saravita-anim2

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

Latest News - timelapse 2091 hours ago

LATEST

පිල්ලෙයාන්ගේ පක්ෂයේ සහාය ජනපතිට

calendar_today 2024 ජුනි 23 - 11:43 remove_red_eye - 187  

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසිය.

කන්දෙගෙදර සාර්නයා වත්තේ දී සිය පුතුගේ නිවසට ගිනිතබා අලාභහානි කර , ගලකින් පහරදී පොසොන් පොහොය දින රාත්‍රි සිය මව ඝාතනය කලැයි සැකපිට පුතෙකු ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දෙගෙදර පොලිසිය පවසයි .

Read More

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය නොමැති පවුල් 27,595කට ඉඩම් ඔප්පු ලබාදීම සංකේතවත් කරමින් පවුල් 192ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් මඩකලපුව, තිරයිමඩු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවති උත්සවයට එක් වෙමිනි.

Read More

සෞදි අරාබියේ , මක්කම වන්දනාවේ ගොස් , ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි මවුලවිවරයෙකු සහ ඔවුන් සමග වන්දනාවේ නිරත වූ තවත් කාන්තාවක විසින් රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 21 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ගලබඩ සහ ඉගුරුඔය අතර දුම්රිය ස්ථාන අතර පේන්‍ රෝස් ප්‍රදේශයේ දී අද (23) උදෑසන දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව ගොවිජන සේවා කේන්ද්‍රය ඉදිරිපිටදී අද (23) අළුයම ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙන් දෙදෙනෙකු මියගොස් තවත් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි තලාව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

විජය පුවත්පත් සමාගම 21වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වනු ලැබූ ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ දෙවන දිනය අද (22දා) දිනට යෙදී තිබිණ.

Read More

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

විජය පුවත්පත් සමාගම සංවිධානය කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 21 වැනි වරටත් මෙවර , ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පොහොය යෙදුන ඊයේ (21දා ) ආරම්භ කෙරිණි.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ එක් විය.

Read More

ජනාධිපති අපෙක්ෂක ධුරය පා.ම සරත් ෆොන්සේකා මහතාට ලබා නොදුන් නිසා ඔහු විපක්ෂ නායකයා විවේචනය කරන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් මහතා පවසයි.

Read More

කාන්තා ,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති ගුරු අභිමානි වැඩ සටහන යටතේ දිවයිනේ පෙරපාසල් ගුරුවර ගුරුවරියන්ට දැනට ගෙවනු ලබන රුපියල් 2500 මාසික දීමනාව රුපියල් 5000 දක්වා සියයට සියයකින් වැඩි කෙරේ.

Read More

පොසොන් පොහොය යෙදුණු අද දින කලු ගලක් තුළ තිබෙන බව කියන මැණික් පුරවන ලද සෙම්බුවක් ගොඩගැනීමට කැනීම් කරමින් සිටි බව කියන 38 හැවිරිදි පුද්ගලයෙකු කැනීම් සඳහා යොදාගත් විදුලි උපකරණ ,රසායන ද්‍රව්‍ය හා පූජා ද්‍රව්‍ය සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.

Read More

වත්තේගම සිට අනුරාධපුරේ වන්දනාවේ යමින් සිටි තීරෝද රථයක් බස් රථයක ගැටීමෙන් අද(22)දින එකම පවුලේ මව සහ දියණිය මරණයට පත්ව ඇතැයි මාතලේ පොලිසිය පවසයි.

Read More

රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසා , සංචාරක වීසා යටතේ එරටට ශ්‍රී ලංකාව පුරා සිසුන් රැගෙන ගොස් , ඔවුන්ගේ මුදල් වංචා කර ලබා ගෙන , එරට අතරමං කළ පුද්ගලයෙකු 06/20 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු වත්තල , හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි .

Read More

රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18 ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ පරීක්ෂක නිලධාරීවරයෙකු 06/21 දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බවත්, මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දුන් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

Read More

දුම්රිය මගින් බෙලිඅත්තේ සිට මරදාන දක්වා කෘෂි භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරිමට සැලසුම්කොට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ප්‍රමාණය ඉක්මවමින් බෙදුම්කරුවන්ට කොමිස් ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය - වගකිවයුතු නිලධාරින් මෙරට නොමැති බවට අනාවරණය වේ.

Read More

නිසි පරීක්ෂාවකින් තොරව වෙළෙඳපොළට නිකුත් කරනු ලැබූ නිර්වින්දන සහ මොළය ආශ්‍රිත රෝග සඳහා භාවිතයට ගනු ලබන එන්නත් 08ක් තවමත් නිෂ්පාදනය කරන බවත්, එම එන්නත් වෙළෙඳ පොළේ ඇති බවත් අභියාචනාධිකරණයේදී ඊයේ (20දා) අනාවරණය විය.

Read More

2000 වර්ෂයේ දී 9.3% ක් වූ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය 2050 වනවිට 27.6% ක් වන බවට ඇස්තමේන්තු කර ඇතැයි ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දත්ත වාර්තා සඳහන් කරයි.

Read More

2332 වැනි පොසොන් උත්සවය සඳහා මෙවර මිහින්තලා පුදබිමට ලබා දී ඇති ආරක්ෂාව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැකි බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති

Read More

පොසෙන් පොහොය දිනය මූලික කර ගනිමින් අද(21දා) විහාරස්ථාන 11100ක විවිධ ආගමික උත්සව සංවිධානය කර තිබෙන අතර පොසොන් කලාප 322ක් දිවයින පුරා පැවැත් වේ.

Read More

2024 වසරේ ජනවාරි මාසයේ පළමු වැනිදා සිට ජුනි මස 18 වැනිදා දක්වා විදේශ රැකියා ලබාදීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 2155ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වංචා විමර්ශන අංශය වෙත ලැබී ඇති බවත්, එයින් පැමිණිලි 1051ක් සඳහා අධිකරණයේ මේ වනවිටද නඩු පවරා ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

දකුණු පළාතේ මිනිස් ඝාතන දෙකක් සිදුකර තවත් ඝාතන දෙකක් කිරීමට මුදල් ලබාගෙන අර අදිමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ඊස්රාවාරි ප්‍රදීප් කුමාර නොහොත් සුද්දා යන සැකකරු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

කෘතීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මගින් කරණීය මෙත්ත සූත්‍ර විකෘති කර ෆේස්බුක් හා ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට විවිධ පාර්ශ්ව මගින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇතැයි අමාත්‍යාංශ ලේකම් පී. හේරත් මහතා පවසයි.

Read More

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත අද (20) පාර්ලි‍මේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

Read More

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිදුකෙරුණු සංවර්ධන ව්‍යාපෘති 03 ක් ජනතා අයිතියට පවරා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.