saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 1741 hours ago

LATEST

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

calendar_today 2024 අගෝ 20 - 14:34 remove_red_eye - 167  

ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුන් 11 දෙනා ලබන සැප්තැම්බර් 02වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මිනිස්සු අපිට බලය දුන්නට අපේ නායකයෝ අපිව රැකගත්තද කියලා අපිට ගැටළුවක් තියෙනවා.... අපි නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි... අපේ වේදිකාවේ පෞද්ගලික දේශපාලනය කරන කවුරුවත් නෑ...

Read More

කල යුත්තේ, විධායක බලතල පවතින තැනට නිවැරදි පුද්ගලයකු පැමිණ සොරුන් සහ දූෂණයට එරෙහිව වැඩ කිරිමයි

Read More

තමන් ජනාධිපති මැතිවරණයට තරග කරනුයේ දිනන්න නොව කියන්න බව මෛලයග අරියසල් අරංගම් නායක ජනාධිපති අපේක්ෂක එම්. තිලකරාජ් මහතා පවසයි.

Read More

යාපනය මුරසවිල් ප්‍රදේශයේ මව් කිරි හිරවීමේ හේතුවෙන් මාස තුනහමාරක පමණ දැරියක් ඊයේ (19) සවස මියගොස් ඇතැයි ඡාවකච්චේරි පොලිසිය පවසයි.

Read More

ජාතික ජන බලවේගය පක්ෂයේ ජනපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19දා) පස්වරුවේ අනුරාධපුරයට පැමිණ අමටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දැක, අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.

Read More

කුරුණෑගල, ඇතුගලින් බිමට වැටුණු පුද්ගලයෙක් බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කරගෙන නොමැත.

Read More

ලොතරැයි ටිකට් පත් දිනුම් අංක වලට මුදල් ඔට්ටු ඇල්ලූ කාන්තාවන් 14 දෙනෙකු ඊයේ (19) ආදාඋල්පත 13 කනුව ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි .

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ අනුව එක් අපේක්ෂකයෙකුට මෙවර ජනාධිපතිවරණයට අදාලව එලෙස වැයකළ හැකි උපරිම සමස්ත වියදම රුපියල් එකසිය අසූහය කෝටි අසූදෙලක්ෂ අනූඅට දහස් පන්සිය අසූහයක්(1,868,2,98,586.00 ) බව මැතිවරණ කොමිෂන් සභාව මෙම වියදම් නියම කිරීමට අදාලව අගෝස්තු 16 දාතමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඬුව දරාගත් ඉන්දිරාජා හස්තියා සවස 6.57 ට යෙදුණ සුබ මොහුර්තියෙන් සඳගල පා තැබීමත් සමඟ අවසන් රන්දෝලි මහ පෙරහරේ සමාරම්භය සනිටුහන් වූ අතර ඉන්දි රාජා හස්තියාගේ පරිවාර ඇතුන් ලෙස ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ මියන් රාජා සහ කෝට්ටේ රජමහා විහාරයට අයත් කෝට්ටේ රාජා යන හස්තීන් ගමන් කළේය .

Read More

මැතිවරණය අවසන් වනතුරු ප්‍රසංග හා සැණකෙළි පැවැත්වීමට පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක්ද, මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙන බව ඔවුහු ප්‍රකාශ කරති.

Read More

කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ , කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ඉකුත් 08/15 දින ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව ( Air Port Terminal Shuttle Service ) 08/19 දින උදෑසන 11.00 පමණ සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ අවසන් රන්දෝලි පෙරහර වීදී සංචාරය කරන අද (19) දින දිවයිනේ නන් දෙසින් පැමිණි විශාල නරඹන්නන් පිරිසක් පෙරහැර නැරඹීමට හා ආශිර්වාද ලබා ගැනීම සඳහා වීදී දෙපස පෙළ ගැසී සිටින අයුරු දක්නට ලැබිණී.

Read More

නීත්‍යානුකූල බලපත්‍රයක් හෝ හිස්වැසුමක් හෝ නොමැතිව එකම වයසේ පාසල් සිසුන් දෙදෙනෙකු යතුරු පැදි ධාවනයේ යෙදෙමින් සිටියදී රිය අනතුරු වලට ලක්ව මියයාමේ සිදුවීම් දෙකක් දින තුනක් ඇතුළත වාර්තා වූ බව හෝමාගම මූලික රෝහල පවසයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 19) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

මැද පෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාව උපරිම තලයට පැමිණ ඇති අතර ඉදිරි දින කීපය තුලදී ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් අනපේක්ෂිත ප්‍රහාරය සිදුවිය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති හෙයින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකකයින්ට තම ආරක්ශාව සදහා නිසි පියවර ගන්නා ලෙසට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බංඩාර මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටි .

Read More

නිවුන් දරුවන් පනස් හතර දෙනකු අධ්‍යාපනය ලබන පාසලක් පිළිබඳ, පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයෙන් අපට හමුවිය. ඒ ,දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයයි.

Read More

අරගල සමයේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව භාරගන්නා ලෙස ජාතික ජන බලවේගයට ආරාධනයක් නොකල බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

’’අයිස්’’මත්ද්‍රව්‍ය වැටලීමක් සම්බන්ධයෙන් උරණවී ඇතැයි විශ්වාස කරන පුද්ගලයකු කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් බැන මරණ තර්ජනය කර ඇතැයි තොරතුරු අනාවරණය වීඇත.

Read More

2015 වසරේ සිට 2023 වසර දක්වා මෙරට තුළ දුම්වැටි බිලියන 26.46ක් අළෙවි කර ඇති අතර, එමගින් රුපියල් බිලියන 833.23ක් බදු මුදල් ලෙස රජය විසින් අය කර ගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

Read More

මේ වර්ෂයේ ගෙවීගිය කාලයෙහිදී ආසන්න වශයෙන් ඒඩ්ස් රෝගීන් 700කට අසන්න පිරිසක් වාර්තා වී තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

ඉඩම් අමාත්‍යංශය යටතේ ඉඩම් හිමිකිරීමේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වූ බිම් සවිය වැඩසටහනට රජය විසින් රුපියල් කෝටි 618 කට අධික වියදමක් වැය කර ඇතත්. වසර 20කට අධික කාල සීමාවක් ගත වී ඇති බවත් එහි ආරම්භක අරමුණ ඉටු කර ගැනීමට රජය අපොහොසත් වී ඇතැයි 17-8 දින නිකුත් කරන ලද නවතම විගණයකින් අනාවරණය වේ.

Read More

ළමා නිවාස ගත ළමයින්ගේ සංඛ්‍යාව ඉකුත් මාර්තු මාසයේ සිට (දස වසරක කාල සීමාවක් තුළ)ළමයින් සංඛ්‍යාව 3353 කින් අඩු වී ඇත.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර හෙට (19) වීදි සංචාරය කිරීමට නියමිතය. රාත්‍රී 6.57යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදියෙන් පහළට පැමිණ යටිනුවර වීදියට හැරී ඉදිරියට පැමිණ කන්දේ වීදියෙන් ඩී.එස්.සේනානායක වීදියට සේන්දු වී රජ වීදිය හන්දියට පැමිණ ඉහළට විත් පෙරහර ගෙවදීමට නියමිතය .

Read More

සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට හරීන් ප්‍රනාන්දු මහතාව පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ලිපිය ඉකුත් 16වෙනිදා දිනැතිව හරීන් ප්‍රනාන්දු මහතා වෙත යොමු කර ඇත.

Read More

මහබැංකු වංචාවට වගකිව යුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන බවත්, එම වංචාව සිදු කර සිංගප්පූරුවට පැනගොස් සිටින අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන එන බවත්, ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති රැලියේදී කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More

තම සුරූපී බිරිදට බිරිදට පෙට්‍රල් ගිනි තබා මරා දැමිමේ චෝදනාවට 41 හැවිරිදි පොල් කඩන්නේකු වු සැමියා වෙන්නප්පුව පොලිසිය විසින් 18 දින අත් අඩංගුවට ගත් බව කියයි.

Read More

ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) දින තිරණය කල බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

Read More

ෆින්ලන්තයෙන් කුශ් නැමති මත්ද්‍රව්‍ය බිජ ඇතුළු අනෙකුත් රසායනික ද්‍රව්‍ය ආනයනය කර මාලඹේ පිට්ටුගල කහන්තොට පාරේ සුපිරි නිවාස සංකීර්ණයක දෙමහල් නිවසක ශීතාගාර තුළ කුශ් බීජ රෝපණය කරමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යමින් ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට අධික වටිනා කුශ් මත්ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.