saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 1736 hours ago

LATEST

පිල් මාරු කළොත් මන්ත්‍රීධුරය අහෝසියට නීති ගේනවා

calendar_today 2024 අගෝ 21 - 22:29 remove_red_eye - 361  

ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ පිල් මාරු කිරීමේ දේශපාලනය අවසන් කරන බවත්, පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසි වන ආකාරයට නීති ගෙන එන බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

මන්නාරම මහරෝහලේ උපාධිධාරී කාන්තාවකට අධික ලෙස රුධිර වහනය වී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුගේ ඇතුලු සිව් දෙනකුගේ සේවය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඊයේ (20) දින අත්හිටුව ඇත.

Read More

මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පමණක්ටොන් 20කට අධික ප්‍රමාණයක්බැහැර කළ බවත්ජනතාව කෙතරම්දැනුවත් කලද පරිසරය පිළිබඳව ජනතාව දක්වන උනන්දුව ඉතා කණගාටුදායක බව මහනුවර මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි .

Read More

මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක ( 09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සිට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට පැමිණි මන්ත්‍රී අලි සාහීර් මව්ලානා මහ කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

Read More

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේදී දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 80ක් රැස්කරගෙන අසීරු අවස්ථාවක සිටියි.

Read More

රුපියල් කෝටියකට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් ජාවාරම් කිරීම සඳහා පිළියන්දල මිරිස්වත්ත සුපිරි වෙළඳ සංකීර්ණයක රථගාලකට පැමිණ සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි නීතිය දිසාව භාර හා වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවසීය.

Read More

තමන් කිසිඳු පුද්ගලයකුට සුරාබදු බලපත්‍රයක් ලබාදී හෝ එවැන්නක් ලබාදෙන ලෙසට කිසිවෙකුගේ නමක් නිර්දේශ කර හෝ නෑ.. දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් විපක්ෂය වැරදි මත සමාජගත කරනවා... මේ අය තමන්ගේ නිරුවත වහ ගන්න අනිත් අයට මඩ ගහනවා...

Read More

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Okane’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 21) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

කොහුවල සිරිගල් මාවතේ දෙමහල් නිවසක් ඉදිරිපිට ආලින්දයේ දි පුද්ගලයෙකුගේ සිරුරට ගිනි ඇවිලි මිය ගොස් ඇතැයි කොහුවල පොලිසිය කියයි.

Read More

වගා හානි වන්දි ලබා දීමේ දී දැනට අක්කරයක් සඳහා රජය විසින් නොමිලයේ ගෙවනු ලබන රුපියල් 40,000ක මුදල රුපියල් 100,000ක් දක්වා වැඩි කරන ලෙස පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළේය.

Read More

ශ්‍රී ලංකාව පිරිසිදු සහ තිරසර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ.

Read More

ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස රැගෙන විත්, විකිණීම සදහා වත්තල ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි මධ්‍යස්ථානයක උඩු මහළේ සගවා ගෙන සිටි විදේශීය පිඹුරන් සිව් දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ගැට කිඹුලෙකු සමග එම අලෙවි සැළේ හිමිකරු සහ එහි සේවකයින් දෙදෙනෙකු ද වත්තල පොලිසිය මගින් 08/21 දින අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාළ විශේෂ නිදහස් දීමනා පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියවඩන නිළමේවරයා වෙත භාර දුන්නේය.

Read More

මුල්ලේරියාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී පෙම්වතුන් යුවළක් බිය ගන්වා රුපියල් 10000/= අල්ලස් ලබා ගැනීමට තැත් කළ කඩුවෙල පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරු දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව නුගේගොඩ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

Read More

ලොව දිගම මුද්දරය ලෙස මිලි මීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා විසින් ඊයේ (20දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

Read More

අනතුරුව ආණ්ඩු පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ සිට සභා ගර්භය මැදින් විපක්ෂයට පැමිණ ඒ මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආචාර කරමින් විපක්ෂයට එක් විය.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළාය.

Read More

මාතලේ දිස්‍ත්‍රික්කයේ වී වගාව වෙනුවට ප්‍රදේශ රැසක අතුරු බෝග රැසක් වගාකර ඇතැයි ගොවි සංවිධාන කියයි.

Read More

2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව 2024 ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂ, ස්වාධීන කන්ඩායම් හෝ අපේක්ෂකයන් විසින් සිය මැතිවරණ කටයුතු ප්‍රවර්ධනය සඳහා අනන්‍යතාවය හෙළි නොකරන තැනැත්තන් ඇතුළුව ඇතැම් මාර්ග කීපයකින් මුදල් හෝ ද්‍රව්‍ය පරිත්‍යාග සෘජුව හෝ වක්‍රව ලබා ගැනීම නොකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

බන්දු ලාල් බණ්ඩාරිගොඩ මහතා අද(21දා) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

Read More

මහ භාණ්ඩාගාරයට ලැබිය යුතු හිඟ බදු මුදල් කෝටි එක්ලක්ෂ දහදාහක් ඇති බවත්, බදු ගෙවිය යුතු අය අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සිටිනා බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. බදු ගෙවිය යුතු මන්ත්‍රීවරු අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා හා හිටපු මහබැංකු අධිපති අර්ජුන ඇලෝසියස් ද සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

Read More

විගමනික ශ්‍රමික ප්‍රජාව විසින් මේ වසරේ මුල් මාස 7 තුල රුපියල් බිලියන 964 කට අධික මුදල් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ප්‍රකාශය කර ඇත .එය ඇමරිකානු ඩොලර් මිලියන 3710 ක් හෙවත් බිලියන 3.710 අගයක් ගනියි .ඒ අනුව 2024 වර්ෂයේ වැඩිම විදේශ ප්‍රේෂනය සිදු කළ මාසය මාර්තු වන අතර එහි අගය USS මිලියන 572 වෙයි .

Read More

නුවරඑළිය රජයේ මහ රෝහලෙන් කළ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මවලින් පසු ලබාදුන් ඖෂධ හේතුවෙන් ඇස් පෙනීම අහිමි වීමට වන්දි වශයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෞඛ්‍ය හා රෝහල් බලධාරීන්ගෙන් රුපියල් කෝටි 30 ක වන්දි අය කරදෙන්නැයි ඉල්ලා පුරවැසියන් තිදෙනෙක් කොළඹ දිසා අධිකරණයේ නඩු තුනක් අද (20දා) පැවරූහ.

Read More

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනපතිවරණයේ දී සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (2024.08.20) කොළඹදී පැවැත්විණි.

Read More

මෙම දිනවල පවතින වර්ෂාපතනයක් සමග රාත්‍රී කාලයේ හා උදෑසන පවත්නා සීතල හේතුවෙන් ළමා හතිය ඉහළ ගොස් ඇතැයිද මේ පිළිබඳ සැලකිලිමත් වී දරුවන් ළමා හතිය වැළඳීමෙන් ආරක්ෂා කරගන්නා ලෙසද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

Read More

දේශපාලනයෙන් විශ්‍රාම ගෙන සිටිජනපති රනිල් වික්‍රමසිංහ මහතාට එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය භාරගෙන නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මුලින්ම යෝජනා කළේ සබරගමු ආණ්ඩුකාරවර නවින් දිසානායක මහතා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අද (20දා) පැවසීය.

Read More

රාජ්‍ය සේවක වැටුප් දීමනාව වැඩිවීමෙන්, පහළම සේවකයන්ටත් අවම වශයෙන් මසකට රුපියල් 55,000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් හිමිවන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

Read More

මෙතෙක් පොහොර සමාගම් දෙකක් වශයෙන් පැවැති රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක 2024 වසරේ සිට රාජ්‍ය පොහොර සමාගම (State Fertilizer Company) නමින් ඒකාබද්ධ කල අතර එම සමාගම පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා ඇතැයි එම පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.