දේශබන්දුගේ නිවසින් මත්පැන් බෝතල් 1000ක්, දුරකතන දෙකක් පොලිස් භාරයට
ධුරයේ රාජකාරි කිරිම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ නිවස පරික්ෂාවට ලක්කිරිමේදි ඔහුගේ නිවසේ තිබි මත්පැන් බෝතල් 1000කට අධික සංඛ්‍යාවක් සොයා ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසීය.
මෙසේ සොයාගත් මත්පැන් බෝතල් අතර දේශිය මත්පැන් බෝතල් 795ක් හා විදේශීය මත්පැන් බෝතල් 214ක් වූ බව ඔහු පැවැසිය.
එසේම ඔහුගේ නිවසින් ඇපල් වර්ගයේ දුරකතන දෙකක්ද සොයා ගත් බවත් මෙම දුරකතන හරහා විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වෙනු ඇතැයිද ඔහු පැවැසිය.
එසේම ඔහුගේ නිවසේ තිබූ පිස්තෝල ගිනි අවියක්ද පොලිස භාරයට ගෙන තිබේ.
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දේපළ රාජ සන්තක කිරිම වෙනුවෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද දිනයේදි කරුණු වාර්තා කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් පැමිණි අවස්ථාවේදි තෙන්නකෝන් මහතාද අධිකරණයට භාර වූ බව ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවැසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
