ලංකාදිප අඛණ්ඩව 19 වැනි වරටත් ස්ලිම් කැන්ටාර් සම්මානය දිනයි
ලංකාවේ ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලීම් සම්මානය අඛණ්ඩව 19 වැනි වතාවටත් ලංකාදිප පුවත්පත හිමිකර ගත්තතේය.
ශ්‍රී ලංකිය පාරිභෝගිකයන්ගේ කැමත්ත මත පමණකව පදනම් වෙමින් වෙළඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙල ඊයේ ශ්‍රි ජයවර්ධනපුර මොනාර්ච් ඉම්පීරියල්හිදි පැවැත්විණ.
ලංකාදිපයට හිමි සම්මානය ශ්‍රි ලංකා අලෙවිකරණ ආයතනයේ උප සභාපති මහාචාර්ය ජයන්ත ඩි.එන්. දේවසිරි මහතා අතින් ඉරිදා ලංකාදිප ප්‍රධාන කර්තෘ කාංචන දසනායක හා ලංකාදිම ප්‍රධාන කර්තෘ අජන්ත කුමාර අකඟගකඩ යන මහත්වරුන් ලබා ගත්හ.
ජනක රත්නකුමාර (ප්‍රධාන මෙහෙයුම් නිලධාරි), තාරක ඩි මුතුකුමාරණ (සහකාර සාමාන්‍යාධිකාරි නිර්මාණ), රංජිත් රූපසිංහ (බෙදාහැරිම් ප්‍රධානි) දර්ශන ඩි සිල්වා (ජ්‍යෙෂ්ඨ දැන්විම් උපදේශක), සුරාජ් පතිරණ (වෙළඳ කළමනාකරු), ලසන්ත අබේවර්ධන (වෙළඳ කළමනාකරු), නිහාල් ගුණරත්න (ජ්‍යෙෂ්ඨ මුද්‍රණ කළමනාකරු), තිස්ස කුඩාතිහ (දැන්විම් උපදේශක) යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූපය ළහිරු හර්ෂන

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

