saravita-anim2

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10643 hours ago

LATEST

ජාතික තව්හිද් ජමාද් සංවිධානය සමඟ ගනුදෙණු කළ මව්ලවිවරයෙකු අත්අඩංගුවට

calendar_today 2019 අප්‍රේ 29 - 18:30 remove_red_eye - 1465  

ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායකයා වන සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳකම් පැවැත්වූ බවට සැකපිට පාසල් ගුරුවරයෙකු වන මව්ලවිවරයෙකු හොරොව්පොතාන මුක්කරවැව ප්‍රදේශයේදි ඊයේ (28) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය පවසයි.

අද පස්වරු 6 සිට හෙට උදෑසන 8 දක්වා කල්මුණේ, සමන්තුරේ හා චවලකඩේ යන ප්‍රදේශ වලට යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

රට තුළ ඇතිව තිබෙන වත්මන් වාතාවරනය හා සාමාන්‍ය මුස්ලිම් ජනතාවට ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රි ලංකා ජමියද්දුල් උලාමා සභාවේ මුස්ලිම් නියෝජිතයින් පිරිසක් ඊයේ (28) සවස මන්නාරම් රදගුරු එමානුවේල් ප්‍රනාන්දු හිමිපාණන් හමු විය.

Read More

කඩවත සිට කිරිදිවිට දක්වා ගනේමුල්ල පාර හා සියලු අතුරු මාර්ගවල අද (29) සවස 6යේ සිට හෙට සවස 6 දක්වා පැය 24ක ජල සැපයුම අත්හිටුවයි.

Read More

රටේ පවතින මේ අර්බුදකාරී තත්ත්වය තුරන් කිරීම සදහා ජනාධිපති, අගමැති මෙන්ම විපක්ෂ නායකතුමා මේ වනවිට අනුගමනය කරන එකමුතු වැඩපිළිවෙල වඩාත් වැදගත් . ආගම, ආර්ථිකය මෙන්ම ආරක්ෂක පැත්තෙන් දක්ෂයෝ ඉන්න තැනක, අදක්ෂයින්ට බාරදීලා කටයුතු කිරීම මේ රටේ තිබෙන දුර්වලතාවයක්. එය වහාම නිවැරදි කළයුතුයි’’ යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

ගෘහ සේවය සඳහා කුවේටය වෙත ගොස් සිටියදී , එරට හාම්පුතුන්ගේ හිරිහැර , කරදර වලට භාජනය වූ ශ්‍රි ලාංකික කාන්තාවන් 57 ක් අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

කිලිනොච්චිය, කනගාම්භිකුලම් මුස්ලිම් දේවස්ථානය අසල ගෙවත්තක තිබී ටී.56 වර්ගයේ පතුරොම්, ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් අද (29) සොයාගත් බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි.

Read More

විවිධ ප්‍රදේශවල පදිංචි,මුස්ලිම් කාන්තාවන් 22 කගෙ,ජාතික හැදුනුම්පත් තමා සන්තකයේ තබා ගෙන සිටි,පුද්ගලයෙකු කල්පිටිය පල්ලිවාසල්තුරේ නිවාස පරීක්ෂාවකදී ඊයේ (28) දින,කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රාමික) මහතා පත් කර තිබේ.

Read More

ජනාධිපතිවරයා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තා වේ.

Read More

මොකුත් කියන්න ඕනේ නැහැ. වෙසක්, පොසොන්. මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්. කිසිම පින්කමක්. කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා. ඒ තොරතුරු ඕනි නම් ගන්න එන්න බන්ධනාගාරයට යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි.

Read More

කිලිනෝච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් ගම්මානයකින් යුද හමුදා නිල ඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් හා ජංගම දුරකතන කිහිපයක් තිබී අත්අඩංගුවට ගෙන ඇති බව ධර්මපුරම් පොලීසිය කියා සිටියි.

Read More

වව්නියාව පණික්කන්කුලම් ප්‍රදේශයට ඊයේ (28) රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාවත් සමඟ බලපෑ සුලි කුනාටුවක් හේතුවෙන් නැවත පදිංචි නිවාස 30කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවට එම වැසියෝ ප්‍රකාශ කරති.

Read More

වැලිපැන්න රාමියා ප්‍රදේශයේ දී මුස්ලිම් ගම්මානයක අද (29) පෙරවරු 10ට පමණ ගුවන් යානා නාශක උණ්ඩ 5ක් සහ ඩෙටනේටරයක් බස්නාහිර පළාත් බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුට ලද තොරතුරක් මත සොයාගෙන ඇතැයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිල්මිණි ආරියරත්න මහතා පැවසීය.

Read More

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කර තිබේ.

Read More

ෆේස්බුක් ප්‍රකාශකයෙකු ’අද’ පුවත්පතට දන්වා සිටියේ ඔවුන් මේ දුක්ඛදායක අවස්ථාවේ සහ ඉන් පසුවත් රටේ ප්‍රජාව සමග සිටින බවයි.

Read More

නීතිපති ජයන්ත ජයසූරිය මහතා නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.

Read More

දෙහිවල කෝටිපති ව්‍යාපාරික නිවසක හා තවත් ව්‍යාපාරික නිවසක තිබි කඩු හයක් සමඟ සම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

චීන රජය මෙරට විදේශ සහ ආරක්ෂක අමාත්‍යාංශ මෙන්ම පොලිස් මූලස්ථානය දැනුවත් කරමින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරයි.

Read More

පොලිස් විශේෂ කාර්ය බලකාය හා ලුනුගල පොලීසිය විසින් ලුනුගල බටාවත්තේදී කළ සෝදිසි මෙහෙයුමකදී නාවික හා යුධ හමුදා නිලඇදුම් රෙදි කැබලි තුනක් ළග තබාගෙන සිටි 41 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙක් අද (29) දා අත්අඩංගුවට ගත් බව ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පැවසීය .

Read More

ඒ අනුව බුලත්සිංහල ප්‍රදේශයේ ඈගල්ඔය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු සතුව තිබී ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 270ක් සහ ග්‍රෑම් 250 මිලිග්‍රෑම් 250ක් මෙන්ම වැල්ලම්පිටිය මීතොටමුල් ප්‍රදේශයේදී ග්‍රෑම් 40 මිලිග්‍රෑම් 750 සමග සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මාවනැල්ල නගරයේ ඇති වෙළෙඳ සැල් විශාල ප්‍රමාණයකින් සමන්විත තට්ටු ගොඩනැගිල්ලක ඉහළ මහලේ හටගත් ගින්නක් පැතිර යෑමට පෙර මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ ගිනි නිවන ඒකකය විසින් නිවාදැමිමට ඊයේ ( 28) රාත්‍රියේ දි සමත් වි තිබේ.

Read More

විශේෂයෙන් හාල්, සීනි, පරිප්පු, ටින්මාලු, අල සහ ලූණු මේන්ම එළවලු හා මාංශ මිලද මේ කූට ව්‍යාපරිකයන් අධික මිලකට අලෙවි කරන බවත් කල් ඉකුත්වූ භාන්ඩද පාරිභෝගිකටන්ට අලෙවි කිරීමට උත්සහ ගන්නා බවද නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන අතර මේ සඳහා ඉක්මන් වැඩපිලිවෙලක් සකසා පාරිභෝගික අයිතින් ආරක්ෂා කරන ලෙස ඔවුන් වැඩිදුරටක් ඉල්ලා සිටියි.

Read More

මොවුන් ඉරාක, නයිජීරියා, ඉන්දියා සහ තායිලන්ත ජාතිකයින් වන අතර අද දින මොවුන් අධිකරණ වෙත ඉදිරීපත් කිරීමට නියමිත අතර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

අනන්‍යතාවය තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාවය බව එම නියෝගය තුළින් තව දුරටත් පැහැදිළි කර තිබේ.

Read More

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.

Read More

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මතා හා හිටපු ආරක්ෂක ප්‍රධානීන් අතර රටේ මේ වනවිට උද්ගතවී ඇති ආරක්ෂක තත්වය පිළිබඳව විශේෂ සාකච්චාවක් අද (28දා) පස්වරුවේ ඔහුගේ විජේරාම නිල නිවසේදී පැවැත්වීය.

Read More

වනාතවිල්ලුව කරඩිපුවල් ප්‍රදේශයේ ලැක්ටෝ වත්ත වතුයායේ සඟවා තිබු ටී 56 ගිනිඅවියක් පිස්තෝල කිහිපයක් හා මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි කිහිපයක් සොයා ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ (27 ) සමත්ව තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

Read More

පාස්කු ඉරිදා දින ප්‍රහාර මාලාවේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ පියා හා සහෝදරයින් දෙදෙනෙකු කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂක අංශ සමඟ සිදුවූ වෙඩි හුවමාරුවේදී මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.

Read More

යාපනය නාවන්තුරෙයි ආසාත් මාර්ගය පහේ මන්සන්ධිය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තෙමහල් නිවසක පොළව අභ්‍යන්තරයේ සකසා තිබූ භූගත බංකරයක් බවට සැකකළ හැකි ස්ථානයක් අද (28) සොයා ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.