පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පත්කර තිබෙන තේරීම් කාරක සභාව ඉදිරියට අගමැතිවරයා හා විපක්ෂනායකවරයා කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනතාව අතර දිළිඳුභාවය ඉහළයාමට මත්ද්‍රව්‍ය ප්‍රධාන හේතුවක් වී තිබෙන අතර, සමෘද්ධිමත් මෙන්ම යහපත් රටක් ගොඩනැඟිමේ කාර්යයේදී මත්ද්‍රව්‍යවලට එරෙහි ප්‍රබල සටනක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.
Read Moreරජයට රුපියල් කොටි 05කට අධික පාඩුවක් සිදු කළ බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් කොමිසම දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේදී අද (27දා) නඩු පැවරුවේය.
Read Moreදේශීය දේවල් කාලා අපට ඇඟට එන ශක්තිය කියල නිම කළ නොහැකි බවත් අපි පුදුමාකාර හයිය තියෙන ජාතියක් බව ඔලිම්පික් පදක්කම් ලාභි සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.
Read Moreමෙරට තුළ ඇති ප්‍රශ්න මරණ දණ්ඩනයෙන් විසඳිය නොහැකි බවත්, ඊට හේතුව නීතිය හැමට එක ආකාරයට අපක්ෂපාතීව ශ්‍රීඝ්‍රයෙන් ක්‍රියාකාරි නොවීම බවත්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read Moreබුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් ගත වූ වසර හතර, පහ තුළ රජය රුපියල් මිලියන 7000 කට ආසන්න මුදලක් වෙන් කර ඇති බවත් මෙතරම් විශාල මුදලක් බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් වෙන් කළ වෙනත් ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ නොතිබූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක අංශවල දැනට සේවයේ නියුතු පිරිස් අතරින් තම නිවෙස් වලට තවමත් විදුලිබලය ලබානොගත් පිරිස් සඳහා ප්‍රමුඛතාවයක් ලබාදෙමින්, නව විදුලි සබදතා ලබාදීමේ කාර්යය සිදුකරන ලෙස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශ වෙල උපදෙස් දී තිබේ.
Read Moreචීනයෙන් සිගරට් ගෙන්වීමට කටයුතු කළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අධෙර්යමත් කිරීමට සිදුකරන වැඩපිළිවෙළට බාධා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි.
Read Moreජාත්‍යන්තර පිටියේ වේගයෙන්ම ලකුණු 20000 රැස්කළ (ටෙස්ට්/එක්දින හා විස්සයි20) ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය නායක විරාත් කෝලි වාර්තා අතරට එක්විය.
Read Moreයාපනය මූල්‍ය ආයතනයක සේප්පුවක තිබී රුපියල් කෝටියකට අධික (රුපියල් 111,691,991) උකස්කරන ලද රන් භාණ්ඩ ඒවා උකස් කළ පුද්ගලයන්ට ලබාදීමට කටයුතු කළ එම ආයතනයේ හිටපු කළමනාකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreරුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (27) දින උදෑසන 9.00 ට පමණ ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය .
Read More‘කාන්තා සනීපාරක්‍ෂක තුවා සහ ආරක්‍ෂිතව බැහැර කරන අනෙකුත් ජෛව අපද්‍රව්‍ය කාර්යක්‍ෂමව දහනය කිරීමේ යන්ත්‍රයට’ ඉංජිනේරු අංශයේ රිදි පදක්කම හිමිවිය.
Read Moreදුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරිමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණත් සැලසුම් කළ පරිදි අද (27දා) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreනව ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස පත්කළ පසන් රත්නායක මහතා සිය ධුරයේ අද (27) වැඩ ආරම්භ කළේය. 2017 වසරේ සිට අතිරේක ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස කටයුතු කළ පසන් රත්නායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වෙයි.
Read Moreපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සිදුකළ සෝදිසි කිරිම්වලදි පුද්ගලයින් 2389 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.
Read Moreරගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීමේ සැකකරුවකු වශයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට සිටි නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂ සුමිත් චම්පික මහතා මෙම නඩුවේ පැමිණිල්ලේ ප‍්‍රධාන සාක්කිකරු වශයෙන් නම් කොට ඇත.
Read Moreපැලැම්පිටිය සිට යටියන්තොට දක්වා ධාවනය වූ අවිස්සාවේල්ල ලංගම ඩිපෝවට අයත් බස් රථයක් අද උදෑසන 8.15 ට පමණ වී ඔය ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරළි යාමෙන් එහි ගමන් ගත් මගීන් 30 දෙනෙක් තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි යටියන්තොට පොලීසිය පවසයි.
Read Moreසෑම පැයකදීම අවම වශයෙන් දෙදෙනෙකුගේ පමණ ජීවිත අනතුරු නිසා රටට අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසුවේය.
Read Moreහෙට (28දා) පොළොන්නරුව, මඩකලපුව, අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබෝල බැඩ්මින්ටන් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩාවක් වශයෙන් ජාතික ක්‍රීඩා පනතට ඇතුළත් කර තිබේ.
Read Moreජීව උණ්ඩ 46ක් ළඟ තබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු නිකුත් ව සිටි ඔස්මන් ගුණසේකර හා ඔහුගේ බිරිඳ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාත්‍යන්තරව පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කිරීමට ජාත්‍යන්තර ක්ෂෙමා සංවිධානය කටයුතු කර තිබේ.
Read Moreඑක්දින ක්‍රිකට් පිටියේ පසුගිය වසර 09ක කාලය තුළ වැඩිම යෝකර් පන්දු යැවූ පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සමත් වී ඇත.
Read Moreතමන්ගේ ජූනි මස වැටුපට අදාළව වෛද්‍ය දීමනා හා අතිකාල දීමනා ආදි අමතර දීමනා නොලැබීම නිසා මහනුවර හා හඟුරන්කෙත ප්‍රදේශවල ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් තේ වතු අටක එකසිය පනහක් පමණ වන කාර්ය මණ්ඩලය අද දින (27) වැඩ වර්ජනයක් දියත් කොට ඇත.
Read Moreදකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්හැම්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ හෙට (28දා) පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය වඩාත් තීරණාත්මක වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරගය පිළිබඳව හතුරුසිංහ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
Read Moreදකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝෂා මහතා ජී.- 20 සමුළුවට සහභාගී වීම සදහා ජපානය බලා යන අතරතුර , කෙටි සංචාරයක් සදහා අද (27) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
Read Moreදුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර තිබේ.
Read Moreඉන්දියාවේ කල්කටාවේ පිහිටි හෝමියෝපති ජාතික ආයතනය මගින් වාර්ෂිකව පිරිනමන හෝමියෝපති වෛද්‍ය උපාධි ශිෂ්‍යත්ව පාඨමාලාව හැදෑරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය මගින් අයදුම්පත් කැඳවා ඇත.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එංගලන්තය සිය විරෝධය දක්වා තිබේ.
Read Moreයුද සමයේදී කොටි සංවිධානය විසින් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වලදැමූ රත්තරන් ගොඩ ගැනීම සඳහා සුඛෝපභෝගී කාර් රථවලින් පැමිණි සැකකරුවන් 14 දෙනෙකු අධිබලැති ස්කෑනින් යන්ත්‍රයක් ඇතුළු තවත් උපකරණ රැසක් සමඟින් අද (27) අලුයම අත්අඩංගුවට ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
Read More