saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 9438 hours ago

LATEST

කැබිනට් මණ්ඩලය ජනපතිටත් ජනපති කැබිනට් මණ්ඩලයටත් ස්තූතිය ප්‍රකාශ කර ගනියි

calendar_today 2019 නොවැ 11 - 16:40 remove_red_eye - 1177  

කුමන ප්‍රශ්න තිබුණත් රටේ යහපාලනය ඇති කිරීම වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍යරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටත්, කැබිනට් මණ්ඩලය හා අග්‍රාමාත්‍යවරයාටත් ස්තූතිය ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරණ රාජකාරී හා ඊට අදාළ සමාන්‍ය රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් හැටදහස් එකසිය හැත්තෑ පහක් යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ තුන් වන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වශයෙන් ‍යාපනය ගුවන් තොටුපළ අද (11දා) උදෑසන සිය වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කළේය.

Read More

රෝයල් පාක් ඝාතන සිදුවීමේ චූදිත ශ්‍රමන්ත ජූඩ් ඇන්තනී නැමැත්තාට ජනපති සමාව දීම සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජනපති පෞද්ගලික කාර්ය මණ්ඩලය ස්ථිර කිරීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රකාවක් ජනපතිවරයා විසින් ඉවත් කරගෙන තිබේ.

Read More

මන්නාරම දිස්ත්‍රීක්කයේ පවතින සංවර්ධන ගැටලු හා ජනතා ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ මන්නාරම් රදගුරු එමානුවෙල් ෆනැන්ඩෝ හිමිපාණන් සමග පැවත්වුණි.

Read More

රෝයල් පාක් ඝාතන සිදුවීමේ චූදිතට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති සමාව දීමට ගත් තීරණය නීතිවිරෝධී, අසාධාරණ හා අයුක්තිසහගත සිදුවීමක් ලෙස හෙළා දකින බව ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල වල ඉන්න සාමාජිකයන් ස්ථිර කිරීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් පරාජය වෙන බව දන්නා නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා පවසයි.

Read More

ක්‍රීඩාවේ වංචා හා දූෂණ වැළැක්වීමට අදාළව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

අගවිනිසුරු නම් කර ඇති මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා කටයුතු කරයි. එල්.ටී. බී.දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා , ගාමිණි අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයෝ වෙති.

Read More

ක්‍රීඩාවේ වැරදි වැළැක්වීම පනත සම්මත කිරීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 3519 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ලෙස තම අවසන් කැබිනට් රැස්වීමට අද (11දා) ජනපති ලේකම් කාර්යාලයේදී සහභාගි විය.

Read More

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට අද (11දා) සිට චෙන්නායි සහ ට්‍රිචි යන නගරවලට වාණිජ වශයෙන් ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

2015 ජනවාරි 8 දා ජනපතිධුරයට පත්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් වසර 5කට සීමා විය.

Read More

ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය පූජා භූමි ප්‍රදේශයක් ලෙස නම් කරන මෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.

Read More

රට තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් රෝයල් පාර්ක්හි ඉවෝන් ජොන්සන් තරුණිය අමානුෂිකව ඝාතනය කිරීමේ සිදුවීමට මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව ලබාදීමෙන් පසුව ඔහු බන්ධනාගාරයෙන් පිටවගොස් තිබේ.

Read More

තරුණියකට පහර දුන් බවට සැක පිට බකමුණ පොලිස්ථානයට අනියුක්තව සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිනෙකු (11දා) අත්අඩංගුවට ගෙන ඇති බව හිගුරක්ගොඩ පොලීසිය කියයි.

Read More

මෙම ගින්නෙන් එහි නතර කර තිබූ යතුරු පැදි 47ක් හා ත්‍රිරෝද රථයක් විනාශ වී තිබේ.

Read More

වර්ෂ 2022දී අවලංගු වීමට නියමිතව තිබූ ඒ මහතාගේ ඇමෙරිකානු එක්සත් ජනපද ගුවන් ගමන් බලපත්‍රය අවලංගු කර ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් පැහැදිලිව සටහන් කර ඇත්තේ හෙතෙම තවදුරටත් ඇමෙරිකානු පුරවැසියෙකු නොවන නිසා බවත්, ඔහුගේ ගමන අඩාළ කිරීමට මුල සිටම කකුල් මාට්ටු දැමූ පිරිස් පරාජයේ වියරුවෙන් අමූලික බොරු ගොතමින්, නැවත නැවත මඩ අවලාද නගමින් සිටින බවත් අලි සබ්රි මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Read More

නව තාක්ෂණික අධ්‍යාපනයක් රට තුළ ඇති කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

වතු කම්කරු ජනතාවගේ ශ්‍රමය තවදුරටත් ගසා කන්නට ඉඩ නොදී, තම රජය යටතේ ඔවුන් කම්කරුවන් ලෙස නොව, කුඩා තේ වතු හිමියන් බවට පත් කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජීත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් කරතිව් නගරයේ පැවති රැළියේ ප්‍රධාන ආරාධිකාව ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන පිරිසක් එක්ව තිබුනී.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18 දා කටුනායකින් ලොස්ඇන්ජලීස් බලා පිටත්වීමට ගුවන් ටිකට් පත් ලබාගෙන ඇති බැව් සඳහන් කරමින් ව්‍යාජ ගුවන් ටිකට්පතක් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැර ඇති බවත් එය මුඵමනින්ම සාවද්‍ය බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයට ඉතා ආසන්න ඉදිරි දින කිහිපය තුළ පරාජය ඉදිරියේ වියරු වැටුණු පිරිස් අභූත මඩ ප‍්‍රහාර ප‍්‍රචාරයන් සිදු කිරීම සඳහා විවිධ කුමන්ත‍්‍රණකාරී වැඩසටහන් සැලසුම් කර ඇති බව අණාවරණය වී ඇති බැවින් ඊට නොරැවටෙන්නැයි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

රට ඉදිරියට යැමට නම් ශි‍්‍ර ලාංකිකයන් විදියට හිතන රටක් නිර්මාණය කල යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.

Read More

පිටු 80 කින් යුතු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය සඳහන් වී ඇත්තේ එකම එක තැනක පමණක් බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එමඟින් පිළිබිඹු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පිළිබඳව ඔවුන් තුළ කැපවිමක් හෝ විශ්වාසයක් හෝ නෙමැති බව පෙන්වා දුන්නේය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල රැළිය සදහා සහභාගී වු පිරිසක් නැවත නිවෙස් බලා යමින් සිටියදී, රිදිමාලියද්ද, ඌව තිස්සපුර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ රිදිමාලියද්ද ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරියකගේ වෙළෙදසැලට රතිඤ්ඤා දල්වා කලබලයක් ඇති කර, මන්ත්‍රිවරියටද පිරිස් පහරදී කරදර කිරිම හේතුවෙන් ප්‍රතිකාර සදහා පහරකෑමට ලක් වු මන්ත්‍රීවරිය මහියංගණ මුලික රෝහල වෙත ඊයේ (09) දින රාත්‍රී ඇතුලත්ව ඇත.

Read More

හබරාදුව නගරයේ වෙළඳසැලක් තුළදී එම වෙළඳසලේ සේවිකාවකට යුද හමුදා සෙබලෙකු විසින් අද (10) දහවල් පිහියෙන් ඇන ඇතැයි හබරාදුව පොලීසිය පවසයි.

Read More

ජනාතාව පැත්තෙන් තීන්දු තීරණ ගන්නා ජනතාව කේන්ද්‍ර කරගත් ශක්තිමත් රජයක් එළ‍ඹෙන 16 වෙනිදා නිර්මාණය වන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.