ගිනි බිසව් රාජ්‍යයේ ජනාධිපති කටුණායකට
ගිනි බිසව් (Guinea Bissau ) රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ ( Umaro Cissoko Embalo ) මැතිතුමා කෙටි සංචාරයක් සදහා 2/14 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
එතුමා සමග දූත පිරිස ලෙස සිව් දෙනෙකු පැමිණ සිටින අතර, ඔවුන් ගිනි බිසව් රාජ්‍යයේ සිට කුවේට් බලා යන අතරතුර මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඔවුන් ගිනි බිසව් රාජ්‍යයට අයත් විශේෂ ගුවන් යානයකින් 2/14 දින දහවල් 11.10 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම පිරිස පිළිගැනීම සදහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය . මෙම පිරිස ගුවන් යානයෙන් බැස ගත් වහාම කොළඹ බලා පිටත්ව ගිය අතර, මොවුන් 2/14 දින දහවල් 1.30 ට පමණ යළිත් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම කුවේට් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
