කොවිඩ්-19 ආසාදිතයන් වෙනුවෙන් මෙරට මුස්ලිම්වරු අද විශේෂ යාඥාවක
- 14 02 2020
- 08:14
- {{hitsCtrl.values.hits}} views
- ..
කොළඹ දෙවටගහ මුස්ලිම් පල්ලියේ ජුම්මා යාඥාවෙන් පසුව, 'කොවිඩ්-19' වෛරසයේ බලපෑමට ලක්වූ රාජ්‍යයන් වෙත සිය සහයෝගය දැක්වීමේ සහ ඊට ගොදුරු වූවන් වෙත සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබාදීමේ විශේෂ දේව මෙහෙයක් අද (14දා) එම පල්ලියේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ යෝජනාවක් මත දෙවටගහ මුස්ලිම් පල්ලියේ ප්‍රධාන ජුම්මා යාඥාවෙන් පසුව පැවැත්වෙන මෙම විශේෂ දේව මෙහෙය සංවිධාන කටයුතු සිදුකරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසිනි.
මේ අතර 'ශ්‍රී ලංකා චීන මිතුදම සුරකිමු, විපතට පත් ලෝකවාසීන්ට සුවය ප්‍රාර්ථනා කරමු' යන මැයෙන් ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පසුගිය සතියේදී චීන තානාපති කාර්යාලයේද සහභාගීත්වය හා සහයෝගය ඇතිව විශේෂ බෞද්ධාගමික වතාවත්වලද නිරත විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
