saravita-anim2

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2026 මැයි මස 02 වන සෙනසුරාදා

Latest News - timelapse 9782 hours ago

LATEST

ග්‍රේස්වෙස්ටන් කඳුවැටියේ පැතිරී ගිය ගින්න පාලනයට හෙලිකොප්ටරයක්

calendar_today 2020 මාර් 12 - 20:08 remove_red_eye - 201  

තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් කඳුවැටියේ පැතිරී ගිය ගින්න ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටරයක් භාවිතා කරමින් පාලනය කිරීමට අද (12) හවස පියවර ගත් බව තලවකැලේ පොලීසිය පවසයි. කඳුවැටියේ ස්කල්පා කොටස ප්‍රදේශයේ මෙම ගින්න හට ගෙන තිබු බවත්, කඳුවැටියේ අක්කර 20 කට අධික භූමි ප්‍රදේශයක් අද (12) සවස වනවිට විනාශව ගොස් ඇති බව ආරක

දෙවැනි වතාවටත් දේශපානයට එක්වීමෙන් පසු නැවත දේශපාලනයෙන් ඉවත් කිරීම අපහසු බවත්, එක්සත් ජාතික පක්‍ෂය නොවිසිරි එක්ව සිටීම තම ජයග්‍රහණයට වාසිසහගත වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

Read More

කොරෝනා වෛරසය ගැන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇරඹේ.

Read More

ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (Road Safety World Series) විස්සයි විස්ස තරඟාවලිය කල් දමයි. මේ බව තිලිණ තුෂාර මිරැන්ඩෝ සිය ෆේස් බුක් පිටුවේ සඳහන් කර ඇත.

Read More

මේ වනවිට පළමුවරට ශි‍්‍ර ලංකාව තුළින් කෙරෝනාවෛරසය වැලඳුණු රෝගියා හඳුනාගනු ලැබු බවත් මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගතයක් හැටියට හඳුන්වා තිබියදි එජාපයත්, එජාපයෙන් විතැන් වෙන්න සිටින කණ්ඩායමටත්, ජනතා විමුක්ති පෙරමුණටත් මෙය දේශපාලන අතකොලූවක් කර නොගන්නා ලෙසත්, මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශොහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් එළැඹෙන 26 දා තෙක් වසා තැබීමට තීරණය කර තිබේ.

Read More

දැනට කොරෝනා වෛරසය හේතුවෙන් රටතුල අතිවී ඇති අවධානම් තත්වය සඳහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව රටේ සියලු පාර්ශව පෙළගැස්වීම වෙනුවෙන් වහාම සර්වපාක්ෂික නායකයන්ගේ රැස්වීමක් කැඳවන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

Read More

චීනය තුළ කොවිඩ් 19 වෛරස් රෝගය පැතිරීමේ උච්චතම අවස්ථාව අවසන් වී ඇති බව චීන රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ දෙවැනි රෝගියාත් වාර්තා වී ඇති බව රජය නිවේදනය කරයි.

Read More

පසුගිය රජය නියමිත කාලයේදි කටුනායක ගුවන්තොටුපලේ සංවර්ධන කටයුතු ආරම්භ නොකිරීම හේතුවෙන් ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමට බරපතළ පාඩුවක් සිදුවු බව එම සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසයි.

Read More

විවිධ කටකථාවලට සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර වලට නොරැවෙටන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් 0113090502 සහ 113 යන අංකයන් අමතා අවශ්‍ය තොරතුරු විමසන මෙන් එතුමා ඉල්ලා සිටිනවා.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණයේ පිඨයේ සිසුවෙකු හදිසි අනතුරක් සිදු කොට තුවාල සිදු කිරිම සම්බන්ධව අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 6 දෙනා ලබන මස 23වන දින දක්වා රක්ෂිතගත කිරිමට අද (12) තිරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසයි.

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ව කාණ්ඩ 23කට අයත් සතුන් 550ක් හා ශාක කොටස් රැසක් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කරන ලද විදේශිකයන් තිදෙනෙකු මෙම මස 26 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (12) නියෝග කළේය.

Read More

පුද්ගලික පාසල් හා කතෝලික සභාවට අයත් සියලුම කතෝලික පාසල් හෙට (13) සිට අප්‍රේල් මස 20 වෙනිදා දක්වා වසා තැබෙන බව කතෝලික සභාවේ පාසල් නිල නිවේදනයක් මගින් සදහන් කරයි.

Read More

ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි ඔහුගේ නිවසේදී නිරෝධායනයට ලක්වීමට තීරණය කර තිබේ.

Read More

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වන ලෙස ශ්‍රී ලාංකික පුරවැසියන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 848 -සී හලවල්කැලය මල්වතු කන්ද ග්‍රාම නිලධාරි වසමට අයත් කදු ප්‍රදේශයක ඉකුත් 11 දින සවස ඇති වූ ලැව් ගින්නකින් අක්කර දාසයක් පමණ විනාශයට පත්ව ව ඇතැයි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් පී පෙරේරා මහතා පැවසීය.

Read More

මැදවච්චිය මන්නාරම ප්‍රධාන මාර්ගයේ වවුනියාව නේරියකුලම ප්‍රදේශයේදී අද (12) දින පෞද්ගලික බස්රථයක් හා ලංගම බස්රථයක් ගැටීමෙන් පුද්ගලයින් දස දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව සෙට්ටිකුලම පොලීසිය පවසයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්ක වලට උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලදී.

Read More

වෛරස් රෝගය ගැන දරුණු තත්ත්වයක් නොමැති වුවත් දරුවන් තුළ හා දෙමාපියන් තුළ අනපේක්ෂිත බියක් ඇති වීම වැළැක්වීම සඳහා නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළා.

Read More

අප්‍රේල් 25 මැතිවරණයේදී වාමාංශික කඳවුරක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට පක්ෂ නායකයන් විසින් තීරණය කර තිබෙන බවත් එහෙත් පුද්ගලයන් කිහිප දෙනෙකු තමන්ගේ මනාප ගොඩ වැඩි කර ගැනීම සඳහා විවිධ කතා කියමින් සිටින නිසා ඒ තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි දැක්ම සහ දර්ශනය ආපස්සට හැරවීමට උත්සාහ නොකරන ලෙසත් මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පවසයි.

Read More

දිවයිනේ බෝහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අපි අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නා පාසල් වසා දැමීමේ අවශ්‍යතාවක් නැති බව. නමුත් තීරණය ගන්නේ එම අමාත්‍යාංශයෙන්. යම් පාසලකින් රෝගියකු හෝ වාර්තා වුවහොත් අපි එම පාසල වසා දැමීමට තීරණය කරනවා.

Read More

කොරෝනා පරීක්ෂකයින් මඩකලපුව ශික්ෂණ රෝහලට ගෙනඒම නතර කරන්නයි හා මඩකලපුව පුද්ගලික විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ගැනිමට ක්‍රියා කිරිමට විරුද්ධව මඩකලපුව නගරය පුරා හර්තාල් ක්‍රියාත්මක වෙයි.

Read More

ඉතාලිය තුළ තවදුරටත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඉතාලියේ සියළුම සිල්ලර වෙළඳසැල්, කෝපි බාර්, පබ්, අවන්හල්, කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍යාගාර වසා දමන ලෙසට ඉතාලි අග්‍රාමාත්‍යයරයා නිවේදනය කළේය.

Read More

ස්වාධීන කණ්ඩායම් වැඩිම ප්‍රමාණයක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය සඳහා වන අතර එම අගය 14කි.

Read More

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා එළැඹෙන 26 දා තෙක් සියලුම පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාශ‌ෙයේ අවධානය යොමුව තිබේ.

Read More

ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන අය දින 14ක නිරෝධායනයකට, අත්‍යවශ්‍ය ඖෂධ තොග රැස්කිරීම සාකච්ඡා වෙයි.

Read More

නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයෙන් කොරෝනා වෛරසය නිසා රැකියා ක්ෂේත්‍ර වලට වන බලපෑමෙන් ආරක්ෂා වීම සඳහා ගනු ලබන පියවර පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.