පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දී නෑ - වෛද්‍ය සුදත් සමරවීර
කොරෝනා වැළඳුණු රෝගීන් මෙරටින් වාර්තා වුව ද පාසල් වසා දැමීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු ආකාරයකින් උපදෙස් ලබා දී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ලෝකය පුරා සියලුම රටවල්වල වේගයෙන් පැතිරයාම හේතුවෙන් කොරෝනා වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එය මෙරට දී ද වසංගතයක් ලෙස පිළිගන්නා බවයි.
එසේ වුව ද පාසලක් හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථානයක් වසා දැමීමට තීරණය කළ යුතු වන්නේ එම ස්ථානයෙන් රෝගීන් වාර්තා වන්නේ නම් පමණක් බව ද වෛද්‍ය සමරවීර මහතා ‘අද’ කළ විමසුමක දී කීවේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ කොරෝනා වැළඳුණු සංචාරක මග පෙන්වන්නාගේ දරුවන් ඉගෙනුම ලබන පාසල් හෝ ඔවුන්ගේ පන්ති හෝ වසා දැමීම ද අනවශ්‍ය බවයි. එම රෝගියා රෝගය වැළඳීමට පෙර ඇසුරු කළ පුද්ගලයන් ද දැනට නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බැවින් අනවශ්‍ය භියක් ඇතිකර නොගත යුතු බව ද හෙතෙම පැවසීය.
''අපි අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නා පාසල් වසා දැමීමේ අවශ්‍යතාවක් නැති බව. නමුත් තීරණය ගන්නේ එම අමාත්‍යාංශයෙන්. යම් පාසලකින් රෝගියකු හෝ වාර්තා වුවහොත් අපි එම පාසල වසා දැමීමට තීරණය කරනවා. යම් ප්‍රදේශයක රෝගය පැතිරෙනවානම් එම ප්‍රදේශයේ පාසල් සහ පොදු ස්ථාන වසා දැමීමට හැකියි. මේ ගැන තීරණය කරන්නේ ශ්‍රී ලංකාව පුරා එවැනි අවධානමක් තිබේ ද කියා කරුණු අධ්‍යයනය කිරීමෙන්. අනවශ්‍ය භියක් ඇතිකර ගත යුතු නැහැ."
සිරංගිකා ලොකුකරවිට

popular news
-
First brjy Thursday, 12 March 2020 02:50 PM
වොව් good luck oooh
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
