නිරෝධායනය රට වෙනුවෙන් කරන දෙයක් එයට සහාය දෙන්න
ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වන ලෙස ශ්‍රී ලාංකික පුරවැසියන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.
මෙසේ නිරෝධායනයට ලක්වන පිරිස් පහසුකම් ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් විරෝධතා පවත්වමින් සිටියි.
මේ පිළිබඳව සිය සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධවූවෙක් සඳහන් කරන්නේ මෙහිදී ඔවුන් කොන්කිරීමක් නොකරන බවත් සියලු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්ය.
“අපි අවුරුදු 15ක් 16ක් තිස්සේ දුක් විදිනවා (සංචාරක ක්ෂේත්‍රෙය්). දැන් දවස් 14ක් දුක් විදින්න බැරිලු. දවස් 14ක් දුක් විදින්න බෑ ඔයාලගේ බිරිඳ හා දරුවන් ළඟට යන්න.
අපිත් දුක් විදනවා. ඒ අය හිතාගෙන ඉන්නේ ඒ අයට ලෙකු දුකක්, කරදරයක් ලැජ්ජාවක් කියලා.
අපි නිකං ලැබෙන අස්වයාගේ දත් ගණින්න යන්නේ නෑ. පාකිස්තානයේ නිරෝධානය කරන්නේ කූඩාරම්වල තියාගෙන.
නිරෝධායන වෙන එක තමන්ටත් හොඳයි. එතකොට රෝගය නෑ කියලා දැනගන්න පුළුවන්. තමන්ගේ දරුවන් වෙනුවෙන් ඉවසන්න.
අද රුපියල් 7500කට ඇඹෙරෙනවා. පහසුකම් ඕන නම් හොඳ හොටලයකට යන්න තිබුණා. දවසකට රුපියල් 40000යි.
ඔයාලා හොයනවට වඩා වැඩි විදේශ විනිමයක් අපි සංචාරක ක්ෂේත්රයෙන් උපයනවා. ඔයලා හිටපු රටවල්වල නිරෝධායනය වුණා නම් මේ වගේ සැපක් ලැබෙයි කියලා හිතන්නේ නෑ.
මේක සමස්ත රට වෙනුවෙන් කරන දෙයක්. ඒ නිසා ඉදිරියේදී එන්න ඉන්න අයත් දැන් ඇවිත් ඉන්න අයත් කල්පනාවෙන් වැඩ කරන්න. බොරුවට රඟපාලා ලෝකේ හිනස්සවන්න එපා.
මේ කොන්කිරිමක් නෙවෙයි. සමස්ත රට වෙනුවෙන් කරන දෙයක්. දවස් 14 ඉවසන්න. මීට වඩා දේවල් ඔයාලා ඉවසලා තිබෙනවා." යැයි ඔහු පැවැසීය.
වීඩියෝ සබඳිය - blob:https://www.facebook.com/c9efe929-c26d-4359-92a3-36b8617e545a
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
