වවුනියාවේ බස්රථ අනතුරකින් 10 කට තුවාල
මැදවච්චිය මන්නාරම ප්රධාන මාර්ගයේ වවුනියාව නේරියකුලම ප්රදේශයේදී අද (12) දින පෞද්ගලික බස්රථයක් හා ලංගම බස්රථයක් ගැටීමෙන් පුද්ගලයින් දස දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව සෙට්ටිකුලම පොලීසිය පවසයි.
කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් හා සෙට්ටිකුලම සිට වවුනියාව දක්වා ගමන් ගත් ලංගම බස්රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් ලංගම බස්රථය පෙරැළී ගොස් ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
තුවාල ලැබූවන් ප්රදේශවාසීන්ගේ සහයෝගය මත සෙට්ටිකුලම රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් බරපතළ තත්ත්වයේ සිටි තිදෙනකු වවුනියාව මහරෝහල වෙත මාරුකර යවා ඇත.
තුවාල ලබා සෙට්ටිකුලම ප්රාදේශීය රෝහලට ඇතුළත් කළ පිරිසගේ තත්ත්වය බරපතළ නොවන අතර සෙට්ටිකුලම පොලීසිය පැවසූයේ බස්රථ දෙකෙහි අධික වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක පල කරන අතර පෞද්ගලික බස්රථ රියදුරු හා ලංගම බස්රථ රියදුරු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවටය.
සෙට්ටිකුලම රථවාහන පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
