saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 8677 hours ago

LATEST

කොරෝනා ආසාදිතයින් ගණන 706 දක්වා ඉහළට

calendar_today 2020 මැයි 03 - 16:49 remove_red_eye - 603  

කොරෝනා ආසාදිත මුළු රෝගීන් ගණන 706 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු තවත් සිවුදෙනෙක් අද (03) දින මස්කෙළිය මවුස්සාකැලේ පොලිස් මුරපොළේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලීසිය පැවසිය.

Read More

පළාත් පාලන මැතිවරණය වසර එකහමාරකින් කල් දැමූ, පළාත් සභා මැතිවරණය වාෂ්ප කර දැමුරනිල්- සජිත්-අනුර-හකීම් කල්ලිය කොවිඞ් වෛරසය පෙරට දමමින් තමන්ගේ මැතිවරණයකට යාමට ඇති බිය වසා ගැනීමට හදන බවත් ඒ සඳහා දැන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ නීතිමය වෙට්ටු උපයෝගී කර ගනිමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළමු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා හඟුරන්කෙත, දිග්ගල්පොත්ත , ඇකිරිය ගම්මානයෙන් හමුවීමත් සමග එම පුද්ගලයා සමග සමීප සබඳතා පැවැත්වු පිරිසගේ පී. සී. ආර්. පරීක්ෂණ අද (03) දිනයේ සිදු කිරීමට පියවර ගෙන ඇතැයි රිකිල්ලගස්කඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහින්ද පතිරණ මහතා පැවසීය.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 10ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මැතිවරණ කොමිසම විසින් ජුනි 20 වෙනිදා දක්වා මැතිවරණය කල් දමනු ලැබීය. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව එම දිනයත් බොහෝ දුරට කල් යෑමට ඉඩ ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කොට ඇත.

Read More

කොවිඩ් 19 රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් හුදෙකලා කර තිබූ බේරුවල (පන්නිල හා චීන කොටුව) හා මහනුවර අකුරණ යළිත් සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කර තිබේ.

Read More

නිවසින් පිටතට යාමේ අවසර පත‍්‍රයක් සමග හෙට (04) දිනයේ සිට ඉතාලිය ලොක් ඩවුන් තත්ත්වයෙන් සීමා සහිතව ලිහිල් කිරිමේ තත්ත්වය ආරම්භ කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

ගාල්ල වරායේ නවතා තිබෙන නෞකාවක කාර්ය මණ්ඩලයක් රැගත් ගුවන් යානයක් නෙදර්ලන්තයේ ඈම්සට්‍රඩෑන් සිට පැමිණ අද (03දා) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටපොලට ගොඩ බැස්සවීය.

Read More

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පැනවු ඇදිරි නිතිය හමුවේ කොළඹ ප්‍රදේශයේ රැකියා වල නිරතව සිටි විශාල පිරිසක් කොළඹ ප්‍රදේශයේ මාසයකට වැඩි කාලයක් රැඳී සිටිහ

Read More

නිදහස් වෙළඳ කලාප ආශ්‍රිත හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්යය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඇයගේ දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා අදාළ අංශ වෙත යොමු කිරීමෙන් අනතුරු ව දේහය නිරෝධායන නීති රෙගුලාසි මත අවසන් කටයුතු සිදු කිරීමට නියමිත ව ඇත.

Read More

රාගම පොලිස් වසමේ පිහිටි මහර බන්ධනාගාරයේ ’’ඕ’’ වාට්ටුවේ රදවා සිටි සැකකරුවන් 8 දෙනකු අද ( 03) දා අලුයම 3.10 ට පමණ බන්ධනාගාරයෙන් පැන යාම සදහා බන්ධනාගාර තාප්පය මතට නැගීමට උත්සාහ කිරිමේදි එක් පුද්ගලයකු තාප්පයෙන් වැටී මරණයට පත්විය.

Read More

කොරෝනා වයිරසය ආසාදිත නාවික සෙබලෙකු හමුවීමත් සමඟ හුදකලා කර තිබූ වවුනියාව මහකච්චකොඩිය ගම්මානය ඊයේ ( 02) දා සිට යළි විවෘත කළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට (04දා) අරලිය ගහ මන්දිරයේ සාකච්ඡාවට පැමිණෙන ලෙස කරන ලද ආරාධනය ඇතැම් අය ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලන කුහකකම නිසා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

වැඩ බලන පොලිස්පති තුමාගේ විශේෂ ඉල්ලිමක් පිට ජාඇල පොලිස් ස්ථානයේ සාමාජිකයන් 90 දෙනෙකු ඊයේ දින (2) කටාන පොලිස් අභ්‍යාස විදුහලේදි පී.සී.ආර් පරික්ෂණයකට යොමු කිරිමට සෞඛ්‍ය බලධාරින් විසින් කටයුතු යොදා තිබුණ බව ජාඇල පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක නිලන්ත බණ්ඩාර තිබිබුටුමුල්ල මහතා පැවසිය.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 11 සිට ලිහිල් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය සාර්ථක කර ගැනීම සඳහා ඊට සහාය පළ කිරීමක් වශයෙන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) පැවැත්විනි.

Read More

එංගලන්තයේ, ලන්ඩන් නුවර, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 250 ක් පමණ , යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (03දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

Read More

2019 දෙසැම්බර් මස පවත්වන ලද මූලික පිරිවෙන් විභාගයේ ප්‍රතිඵල ඊයේ (02දා) නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ www.results.exams.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගැනීමට අයදුම්කරුවන්ට අවස්ථාව සලසා ඇත.

Read More

බ්‍රසීලයේ ආසාදිත 100,000 සීමාවට, ගෙවීගිය පැය 24ට මරණ 421ක් වාර්තා වන බව දත්ත වාර්තා පවසයි.

Read More

කොරෝනා වෛරසයෙන් තමාට යළි ජීවිත දානය දුන් වෛද්‍යවරුන් සිහි කරමින් මෙම නම් තැබීම බොරිස් යුවළ සිදුකරයි.

Read More

ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 40,000ක් අභියස. මරණ 1,323ක් දක්වා ඉහළ ගිහින්.

Read More

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග දිගටම කටයුතු කිරීමට චීනය කැමැත්තෙන්.

Read More

බ්‍රිතාන්‍යයේ ආසාදිත 183,500ට සුවවූවන් 896යි - ඉතාලියේ ආසාදිතයන් 209,328ට සුවවූවන් 79,914යි.

Read More

එක්සත් ජනපදය තුළ මේ වනවිට සමස්ත ආසාදිතයන් 1,132,000ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා 243,600ක් ඉක්මවා ජීවිතයෙන් සමුගෙන ඇති බව දත්ත වාර්තා පවසයි.

Read More

(UPDATE)අද දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 15ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගින් ගණන 705ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

නව කොරෝනා වෛරසය මිනිසා විසින් සාදන ලද හෝ ජානමය වශයෙන් වෙනස් කරන ලද්දක් නොවන බවට පුළුල් විද්‍යාත්මක එකඟතාවයට එකඟ වන බව ඇමෙරිකානු බුද්ධි අංශ පවසයි

Read More

රටේ පවතින සෞඛ්‍ය අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන තම නිවසේ සිට ආදරණීයයන් සමඟ වෙසක් සැමරීම, සිල් සමාදන් වීම, පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සඳහා මූලිකත්වය දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

සාලියවැව දංගස්වැව පාලු නිවසක ගොඩ ගසා තිබු රජය මගින් ලබා දෙන පොහොර මිටි 68 ක් තිබු සොයා ගත් බව සාලියවැව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.