සජිත් - රනිල් නිසා පාලිත මන්ත්‍රීකම ඔට්ටු අල්ලයි
“රටේ සාමාන්‍ය මිනිස්සු අතර රනිල්ට දිනන්න බැහැ කියලා මත වාදයක් ඇතිකරලා තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා කවදාවත් පැරදිලා නැහැ. මම මගේ මන්ත්‍රීකම ඔට්ටු අල්ලනවා ඔය සමගි ජන බල වේගයේ නායකයාට වඩා එක ඡන්දයක් හෝ වැඩියෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ලබා ගන්නා බවට.” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තේවරප්පෙරුම මහතා පවසයි.තම නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“එක්සත් ජාතික පක්ෂය මේ රටේ සියලු ජාතීන් එකතුවෙලා ආරම්භ කළ පක්ෂයක් . ඒක දෙකට කඩන්න මහින්ද රාජපක්ෂ මහත්තයටවත් බැරි උනා. එහෙම බැරිවුණේ පොලව යටත් අඩි ගණනක් යටට පෙනෙන රනිල් වික්‍රමසිංහ කියන පතාක බුද්ධිමත් පරිනත නායකයා නිසයි. නමුත් ඒ කොන්තරාත් එක කලේ රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ පුතා කියලා කියන සජිත් ප්‍රේමදාස මහත්තයයි.
එයා අද සමගි ජන බල වේගය කියලා පක්ෂයක් හදාගෙන මේ රටේ බලය ඉල්ලනවා. සජිත් මහත්තයා එයාගේ වැඩ පටන් ගත්තම කොරෝනා වලට බෙහෙතක් සොයා ගෙනයි. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ බෙහෙත තහනම් කළා.ඒකෙන්ම නායකත්වයේ ගතිගුණ හිතා ගත හැකියි. ඊට පසුව එයාට ලොකුම හයියක් දීපු මංගල සමරවීර මහත්තයත් තවත් නෝනා කෙනෙකුයි අයින් වුණා.
මම මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවෙන්නයි හිටියේ. ඒත් සජිත් ප්‍රේමදාස මහත්තයා මේ කළ අශීලාචාර වැඩේ නිසා ,එක්සත් ජාතික පක්ෂය දෙකට කඩපු නිසා මම නැවත එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ හිටගත්තා. ඒ මන්ත්‍රී වෙන්නවත් ඇමති වෙන්නවත් රනිල්ව ආරක්ෂා කරන්නවත් දිනනවත් නෙමෙයි.පක්ෂයේ අභිමානය සුරකින්න මම කෙලින් සිටගත්තා.
රටේ සාමාන්‍ය මිනිස්සු අතර රනිල්ට දිනන්න බැහැ කියලා මතවාදයක් ඇතිකරලා තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා කවදාවත් පැරදිලා නැහැ.මම මගේ මන්ත්‍රීකම ඔට්ටු අල්ලනවා ඔය සමගි ජන බල වේගයේ නායකයාට වඩා එක ඡන්දයක් හෝ වැඩියෙන් ලබා ගන්නා බවට.”
බන්දු තඹවිට
popular news
-
Nihal Monday, 29 June 2020 03:11 PM
ottu allanna obata manthree kamak thiyenawada. Obath Ranil wagema paraadai
Reply : 7 126
Hemantha Tuesday, 30 June 2020 05:09 PM
You are a good man, no doubt about that. But, Ranil
Reply : 0 9
Champa Friday, 03 July 2020 09:07 PM
පාලිත ඔබ හිත හොද, නිහතමානි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම ජනතා සේවකයෙක්. වැරදි දේට වැරදියි කියන්න ඔබ කිසි බයකුත් නැහැ. තනතුරු තිබෙන කොටත් නැති කොටත් ඔබෙීි කිසි වෙනසකුුුුත් නැහැ. ඹබ ඉන්න තිබීිබෙ මහින්ද එක්ක. නමුත් ඔබ ඔබෙීි පක්ෂය පාවා නොදි, මිනිස්සු ඔබෙීි පක්ෂ නායකයාට මොන තරමීි බැන්නත් ඔහු අත නොහැර ඔහුත් එක්කම ඉන්නව. යූඑන්පී එකට හොදටම විරුද්ධ මටත් ඔබ ගැන කතා නොකර බැරි තරමට ඔබ මිනිස්සු වෙනුවෙන් වැඩ කරල තියෙනව. මෙතන මට සිංහල අකුරු ලියන්න පැයක් විතර ගියා. වෙන දෙයක් ගැන නමීි මග නවත්තන්නත් ඉඩ තිබුන. නමුත් මෙීි ටික කිව යුතුම නිසා ලිවීිව.
Reply : 2 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

