saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 8316 hours ago

LATEST

රාජ්‍ය අංශය නොමැතිවුණානම් කොරෝනා පාලනය කිරිමට අසිරුයි - අගමැති

calendar_today 2020 ජුලි 13 - 16:08 remove_red_eye - 232  

කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීම සඳහා කැපවී කටයුතු කරන රාජ්‍ය සේවකයින්ට තම උපහාරමය ස්තූතිය හිමි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Covid 19 තත්ත්වය හේතුවෙන් පොදු ස්ථාන තුළ ඒකරාශිවීමෙන් මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට සිදුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බදාදා දිනයන්හි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන මහජන දිනය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.

Read More

2019 වර්ෂයේ අප්‍රේල් මස 26 වෙනි දා අම්පාර, සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ පිපිරිමට අදාළ සිද්ධියේ සාක්ෂි සැඟවිම සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ රාජකාරියේ නියුතු පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වර්තමානයේ අප රටෙහි ඇතිවී ඇත්තේ කෝවිඩ් තත්ත්වය රැල්ලක් වශයෙන් හදුන්වනවාට වඩා පොකුරක් ලෙස හැදින්වීම උචිත බවත්, මීට පෙර රට තුළ ඇතිවූ අනෙක් පොකුරු මර්දනය කළ ආකාරයටම මේ කෝවිඩ් පොකුර මර්දනය කිරීම පිළිබද සැළකිලිමත් වීම ඉතා වැදගත් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

මාලදිවයින තුළ රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 7/13 දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ දෙවනි රැල්ලක් මතු වි ඇති නිසා ඡන්දයට වඩා ඡන්ද දායකයාගේ ජිවිතය වටිනා බැවින් පවත්නා අවධානම මත මහ මැතිවරණය කල් දැමිමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (13) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම පුද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ ද්‍රව්‍ය අලෙවි කිරීම වහාම නැවැත්වීමට පියවර ගන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසම හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

Read More

එජාපය සමග දේශපාලන ඩීල් තියෙනවා කියලා සජිත් වගේ කෙනෙකුට හිතෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.මොකද එතුමා කියන කතා කරන දේවල් ගත්තම පාසල් යන පුංචි දරුවෙක් සෙල්ලමට කියන කතා වගේ තමයී මට තෙරෙන්නේ. ඒතුමගේ තියෙන දේශපාලන අවබෝධය අත්දැකිම් හා අධ්‍යාපනය මට්ටම අනුව එතුමා කියන දේවල් අපි හිනාවෙලා උපහාසයෙන් බැහැර කරනවා හැරෙන්න ඒ ගැන කියන්න දෙයක් නෑ යැයි නුවරඑළීය දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක එස්.බි දිසානායක මහතා පැවසීය.

Read More

යාපනය, වෙත්තලකේණි උඩුතුරෙයි වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝ 52 ග්‍රෑම් 680 ක් සමග ධීවර යාත්‍රාවක් ඊයේ (12) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොරෝනා රෝගීන් හමුවෙද්දී වැඩිපුරම සතුටු වන්නේ විපක්ෂය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව සඳහන් කරයි.

Read More

අලුත්ගම පොලිස් වසම තුළ දී මෙයට වසර දහයකට පෙර සිදුකළ එළු සොරකමක් සම්බන්ධයෙන් වීරවිල බන්ධනාගාරයේ රඳවා සිටියදී ඉන් පැන ගොස් වසර 10 කින් පසු එම සැකකාර රැඳවියා බේරුවල පොලීසිය මගින් අද (13) අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

පාතාල කල්ලි සාමාජික ’’අංගොඩ ලොක්කා’’ සහ ’’පෙතියාගොඩ සංඛ’’ගේ සමීපතමයන් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යාපනය තොණ්ඩමනාරු උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව සංක්‍රමණය වීමට උත්සහ දැරු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සහ සැකසහිත කොරෝණා ආසාදිතයෙකු ඇතුලු සිව් දෙනෙකු ඊයේ (12) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරිමේ පළමු අදියර මේ වන විට ආරම්භ වි තිබේ.

Read More

පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් සිවු දෙනෙකු ඊයේ (12ධ අත්අඩංගුවට ගත් බව යාපනය ඉලවාලෙයි පොලීසිය පවසයි.

Read More

වාලච්චේන, අරුක්කාල් වැවේ දිය නෑමට ගිය ළමුන් තිදෙනෙකු අතරින් එක් ළමයෙකු දියේ ගිලී ජීවතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

අනෙක් කාරණය තමයි පාතාලය සුද්ද කිරීම. ඔබ දන්නවා පසුගිය සති දෙක තුළ අත්අඩංගුවට ගත්ත ආයුධ ප්‍රමාණය හරියට යුද්ධ කරන්න වගේ තමයි පාතාලයේ අවි ආයුධ ගබඩා කරලා තියෙන්නේ. ආයුධ ගබඩා පවත්වාගෙන ගියපු තට්ටු තුන හතරේ ගෙවල් අල්ලා ගත්තා. මත්ද්‍රව්‍ය ජාවාරම පසුපස ඉන්නේ පාතාලය කියන එක දැන් පැහැදිලියි.

Read More

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අගනුවර වන බැංගලෝරයේ, මිලියන 8කට අධික ජනගහනයක් වෙසෙන අතර එය ඉන්දියාවේ තුන්වැනි වැඩිම ජනගහනය සහිත නගරය වෙයි. බැංගලෝරය හෙට සිට සම්පූර්ණ අගුලු දැමීමක.

Read More

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 106ක් වාර්තා වී තිබ්. ඒ රාජාංගණයේදී තවත් කොවිඩ් කොවිඩ් ආසාදිතයන් 2ක් වාර්තාවීමත් සමගිනි. ඔවුන් කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයකු ළඟින් ඇසුරු කළ අය වෙයි.

Read More

වෛරසය පුංචි උණක් ලෙස මුල සිටම සැලකූ ඔහුගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපයම රට මෙවැනි තත්ත්වයකට පත්වීමට හේතු වූ බව බොල්සොනාරෝ නොකියයි.

Read More

ඊයේ දිනයෙන් ගෙවීගිය පැය 24 තුළ ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 230,370ක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත වාර්තා වී ඇති බවත්, එය මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය බවත් නිවේදනය කරයි.

Read More

කොවිඩ්-19 නිසා දකුණු අප්‍රිකානුවන් 40,000ත් 50,000ත් අතර සංඛ්‍යාවක් වසරක් තුළ මියයා හැකිලු. එරට ජනාධිපති රමෆෝසා පවසන්නේ කුණාටුව දැන් ඔවුන් මත පතිත වෙමින් ඇති බවයි.

Read More

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉරානයේ නව කොරෝනා වෛරසයේ යළි නැගිටීම හෙවත් දෙවැනි රැල්ල පාලනය සඳහා ජනතා සහාය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,867,000ක සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Read More

එක්සත් එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ පහත සඳහන් රජයේ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 28 වන දින දක්වා කල් දමා තිබෙන බව අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් එම්. බී. එම් සුෆ්යාන් මහතා පවසයි.

Read More

අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 103ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කර නිවසට පැමිණ සිටිය දී කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ හබරාදුව පදිංචිකරුවකු උණවටුන උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ස්ථානය වසා දැමීමට සිදුව ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.